2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් සමාගම මන්නාරම නගරයට

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

පාරිභෝගික ඔබගේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයකදී කාර්යක්ෂම සහ ඉක්මන් සේවාවක් ලබාදීම සඳහා එල්.බී. ෆිනෑන්ස් නවතම ශාඛාවක්  අංක. 187, ප්‍රධාන වීදිය, මන්නාරම යන ස්ථානයේදී අභිනවයෙන් විවෘත කෙරුණි.

පාරිභෝගික ඔබ සඳහා ගුණාත්මක සේවාවක් සපයමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත්  තහවුරු කරගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම තම ශාඛා ජාලය පුළුල් කරමින් දීපව්‍යාප්ත සේවාවක් සැපයීම සඳහා මන්නාරම  නගරයේ මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවය එල්.බී. ෆිනෑන්ස් සමාගමෙහි විධායක අධ්‍යක්ෂවරුන් වන නිරෝෂන් උඩගේ සහ බී.ඩී.ඒ. පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහ ප්‍රදේශවාසීන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වුණි.

වසර 46ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන එල්.බී. ෆිනෑන්ස් සමාගම මන්නාරම ප්‍රදේශයේ තම පරිභෝගිකයන් සමීපයට ගොස් උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා මෙම නව ශාඛාව විවෘත කළ අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං පහසුකම්, රන් ණය සේවාව, දේපල ණය, ආන්තික ණය වැනි මුල්‍ය පහසුකම්, ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරැම් තැන්පතු වැනි ආයෝජන අවස්ථාද පිටරට සිට මුදල් එවීමට Western Union පහසුකම් හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව ඇතුළු සේවාවන් රුසක් මන්නාරම නගරයේ ජනතාවට ලබාදෙනු ඇත.

ශ්‍රී ලාංකීය ජන හදවත්වලට ක්‍රමයෙන් සමීප වෙමින් උසස් සේවාවක් සහ නොබිඳෙන විශ්වාසයක් ගොඩ නගා ගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම ඉදිරියේදීත් පාරිභෝගික ඔබට වඩාත් සමීප උසස් සේවාවක් සැපයීම සඳහා බලාපොරොත්තු වෙයි.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00