2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

සිංගර් ශ්‍රී ලංකා වෙතින්  සිංගර්   GEO Smart ශිතකරණ

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 342


සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී නියෝජ්‍ය වෙළඳ අධ්‍යක්ෂ ධම්මික විජේසුන්දර, වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, සභාපති මොහාන් පණ්ඩිතගේ, සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, රෙග්නිස් ලංකා පීඑල්සී කර්මාන්ත ශාලා කළමනාකාරු කැලුම් කොස්පැලවත්ත
 

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා විසින් සිංගර් GEO Smart ශීතකරණ වෙළෙඳපළට හඳුන්වා දෙයි. ආසියාවේ වඩාත්ම කාර්යක්ෂම  සහ බලශක්තිය පිරිමසින ශීතකරණයක් ලෙස මෙම GEO Smart ශීතකරණය වෙළෙඳපළට හඳුන්වා දී තිබේ.

වසර 2003 දී සිංගර් විසින් හඳුන්වා දුන් සිංගර්  GEO ශීතකරණ තාක්ෂණය  තවදුරටත් වර්ධනය කරමින් මෙම නවතම GEO Smart ශීතකරණය නිපදවා තිබේ. 100ක්ම පරිසර හිතකාමී ශීතකරණයක් වන මෙම GEO Smart ශීතකරණය R600aක ශීතකරණ හැකියාවෙන් යුක්ත වෙයි. එමෙන්ම 50 ක බලශක්ති අරපිරිමැස්මක් සහිත වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. භාවිත කරන කාලය පුරාම වගකීමක් සහිත තඹ නළවලින් සැදුම් ලත් මෙම ශීතකරණය අවම නඩත්තුවක් සහිත  එකක් වන අතර එහි  LED දීප්තිමත් බල්බ් පද්ධතිය සහ  දිගු කලක් බලශක්තිය පිරිමසා ගැනීමට හැකිවීම ආදී විශේෂතා රැසකි. දේශීය නිෂ්පාදනයක් වන මෙම  සිංගර්  GEO Smart ශීතකරණය Regnis කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබයි. මෙම නවතම සිංගර්  GEO Smart ශිතකරණ දිවයින පුරා පිහිටි සිංගර් අලෙවිසල්වලදී වසර 10ක සිංගර් වගකීමේ සහතිකය සමඟ මිලදී ගැනීමෙට හැකියාව ඇත. Inverter, No Frost  සහ Direct Cool වශයෙන් වන විශේෂතා අනුව මාදිලි 6කින් මෙම සිංගර්  GEO Smart ශිතකරණ මිලදී ගත හැකිය. මෙම සිංගර්  GEO Smart ශීතකරණවල උපරිම ප්‍රමාණය ලීටර් 240 ක ධාරිතාවයෙන් යුක්ත වෙයි.

සිංගර්  GEO Smart ශීතකරණය නවතම Smart තාක්ෂණයෙන් යුක්ත වන අතර  ආහාර නැවුම්ව තබාගැනීම සහ බලශක්තිය අරපිරිමැස්ම සඳහා  මෙහි ඇති විශේෂතා රැසකි. ඒ අතර පරිසර උෂ්ණත්ව සෙන්සරය මඟින්   ශීතකරණය තබා ඇති කාමරයෙන් පිටත  ඇති උෂ්ණත්වයට සමගාමීව ශීතකරණය අභ්‍යන්තර උෂ්ණත්වය ස්වයංක්‍රීයව සකස් වීම ප්‍රමුඛ විශේෂතාවයකි. එමෙන්ම  විදුලි බලය අඩු වැඩි වීමකදී ශීතකරණයේ කොම්ප්‍රෙසරයට හානියක් නොවන ආකාරයට ඊට අනුගත වීමේ ස්වයංක්‍රිය ක්‍රමවේදය සහිත ධාරිතා සෙන්සරය මෙන්ම, ශීතකරණයේ දොර විවෘත කිරීමේදී විදුලි බලය වැයවීම වැළැක්වීමේ ක්‍රමවේදය හා ද්විත්ව ක්‍රියාකාරී උෂ්ණත්ව පාලන ක්‍රමවේදයන් ආදී තාක්ෂණික ක්‍රමවේද රැසකින් මෙම ශීතකරණය සමන්විත වෙයි.

වසර 2013 දී   හඳුන්වා දුන් සිංගර් GEO මාදිලියේ ශීතකරණ R600a ගෑස්  තාක්ෂණය යටතේ මෙරටට හඳුන්වා දුන් ප්‍රථම ශීතකරණය වෙයි. R600a ගෑස් තාක්ෂණය 100ක් පරිසර හිතකාමී වන අතර HFC තාක්ෂණයේ ශීතකරණවලින් ඕසෝන් ස්ථරයට සිදුවන හානිය අවම කිරීම හා මිහිතලය උණුසුම් වීම වැනි පාරිසරික හානි අවම කිරීමද එමඟින් සිදුවෙයි.  

නවතම සිංගර්  GEO Smart ශීතකරණ හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා  සඳහන් කළේ  වසර 2013 හඳුන්වාදීමේ සිට අති සාර්ථක අලෙවියක් පෙන්නුම් කරන සිංගර් GEO ශීතකරණ  මේ වනවිට 500,000ක් පමණ  අලෙවි කර ඇති බවයි.  

සිංගර් ශ්‍රී ලංකා සමාගම Beko, Huawei, Dell, Moulinex, Tefal, Singer, SISIL, Samsung, Hitachi, TCL, Sony, Sharp, Whirlpool  සහ  Mitsubishi ආදී  ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ නිෂ්පාදන පෙළක් මෙරට පාරිභෝගිකයා වෙත අලෙවි කරන ලබයි.