2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

DFCC බැංකුවෙන් මුළු පවුලටම ගැලපෙන සුවිශේෂී ඉතුරැම්

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:54 161

මූල්‍ය සුරක්‍ෂිතතාව ඉතා ඉහළින් තහවුරු කරනු ලබන සුවිශේෂී ක‍්‍රමවේදයක් ලෙස ඉතිරි කිරීමේ ඇති වටිනාකම සහ වැදගත්කම අවධාරණය කරන  දක්‍ෂ මූල්‍ය යෝජකයකු ලෙස ඉදිරි පියවරක් තබමින් DFCC බැංකුව, පවුලේ සැමට උචිත අයුරින් නිර්මාණය කළ, පවුලේ පුරුද්දක් ලෙස ඉතිරි කිරීම සිදුකළ හැකි නවතම, වටිනා ඉතුරුම් ක‍්‍රමයක් හඳුන්වා දෙයි. ඉදිරි පරම්පරා සඳහා ස්ථාවර මූල්‍ය අනාගතයක් බිහි කිරීම අරමුණු කරගනිමින්, ඉතිරි කිරීම ඔස්සේ පවුල තුළ ස්ථිර පදනමක් ගොඩ නැංවීමට උත්සාහ දරන සෑම කෙනකුටම මෙම ඉතුරුම් ක‍්‍රමය මනා දිරියක් වනු ඇත.

2017 වසරේ ජනවාරි 01 වැනිදා බැංකුව විසින් මුළු පවුලටම ගැලපෙන මෙම වටිනා ඉතුරුම් ක‍්‍රමවේදය දියත් කරනු ඇත. එමගින් සෑම පවුලකටම ස්ථාවර මූල්‍ය පදනමක් ගොඩනගා ගැනීමේ අවස්ථාව හිමිවේ. සෑම නව වසරකදීම පාරිභෝගිකයින් වෙත සශ‍්‍රීක මෙන්ම ධනාත්මකව නව වසරකට ආසිරි පැතීම අරමුණු කරගත් බැංකුවේ සම්ප‍්‍රදායන්ට අනුකූලව සෑම DFCC බැංකු ශාඛාවක්ම ජනවාරි පළමු වැනිදා සාමාන්‍ය පරිදි බැංකුකරණ කටයුතු සිදුකිරීම වෙනුවෙන් විවෘතව තැබෙනු ඇත.

පවුලේ සාමාජිකයන් දෙදෙනකු හෝ වැඩි ගණනක් එක්ව රුපියල් 25,000ක එකතුවක් සහිතව ඉතුරුම් ගිණුම් අරඹන සෑම පවුලකටම ක්‍ෂණික මුදල් ත්‍යාග හෝ රුපියල් 1,250ක් වටිනා තෑගි වවුචර හිමිවන අතර එම තෑගි වවුචර භාවිතා කර දවයින පුරා පිහිටි DSI ප‍්‍රදර්ශනාගාරයකදී හෝ සරසවි පොත් හලකදී භාණ්ඩ මිලදීගත හැකිය. එසේම තවදුරටත්, ඔවුන් සිය දරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන ඉතිරි කිරීම් දිරිගන්වනුවස් පාරිභෝගිකයින් විසින් තැන්පත් කරනු ලබන ළමා ඉතුරුම් ගිණුමේ වටිනාකම රුපියල් 25,000ක් නම් එම දරුවන් වෙනුවෙන් රුපියල් 2,500ක තෑගි වවුචර හෝ ක්‍ෂණික මුදල් තෑගි හිමිවනු ඇත. එසේම අරඹන සෑම ගිණුමක් සඳහාම ප‍්‍රශංසනාත්මක වටිනාකමක් එක්කර දෙමින් Vardhana Virtual Wallet පහසුකම නොමිලේ හිමිවන අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් අරඹනු ලබන වර්ධන ගරුසරු ගිණුම් සඳහා ලෝයල්ටි කාඩ්පතක් හිමිවේ.

DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ප‍්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පවසා සිටියේ,” මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන හඳුන්වාදීමෙන් අප මූලිකවම බලාපොරොත්තු වන්නේ පවුලේ සාමාජිකයන් එකමුතු වී ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරගැනීමට උනන්දු කරවීමයි. එමගින් ඔවුන්ගේ සියලු සිතුම් පැතුම් ඉටු කරගැනීමට මාර්ගය සලසා දීමයි. අප විශ්වාස කරන පරිදි පවුලේ සාමාජිකයන් සියලු දෙනා එක්ව ඉතිරි කිරීමේ කටයුතු නිසි පරිදි සිදුකළ විට එම පවුල්, ඔවුන්ගේ අනාගත මූල්‍ය අවශ්‍යතාවන් නිසි පරිදි සපුරා ගැනීම සිදුකළ හැකිවන තරමට ආර්ථිකව ශක්තිමත්, සුරක්‍ෂිත ඒකක බවට පත්වනවා ඇති. තවදුරටත්, දෙමාපිය වැඩිහිටියන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීමට පරිශ‍්‍රම දැරීමයි. ඒ වෙනුවෙන් දරුවන්ට ආදර්ශයක් වීමයි.
එමෙන්ම, පාරිභෝගික ප‍්‍රජාව වෙනුවෙන් තවත් සේවාවන් රැසක්ම තිළිණ කිරීමට බැංකුව සූදානම්ය. ස්ථාවර තැන්පතුවල හෝ ඉතුරුම් තැන්පතුවල ශේෂය අනුව 100෴ ක් දක්වා අත්තිකාරම් ලබා ගැනීමේ පහසුව, salary booster ගිණුමේ තැන්පත් කරන ලද මාසික වේතනයන් හා අදාළව 100෴ක දක්වා අත්තිකාරම් ලබාගැනීමේ පහසුව මෙන්ම Vardhana Virtual Wallet භාවිතයෙන් ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල්වල E-චැනලින් සහ Sterling Flowers හිදී 10෴ වට්ටම් ලබා දීම එම ප‍්‍රතිලාභ අතරින් විශේෂ වූ ප‍්‍රතිලාභ කිහිපයකි.