2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

මහජන බැංකුවේ නත්තල් බැති ගී

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

මහජන බැංකුව කිතුනු එකතුව 39 වැනි වරටත් සංවිධානය කරන ලද නත්තල් බැති ගී මෙහෙය පසුගියදා කොළඹ 02, මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. 

මහජන බැංකුවේ කොළඹ, ගම්පහ හා පුත්තලම, කළුතර සහ වන්නි ප‍්‍රදේශයන්හි කාර්ය මණ්ඩලයන් මෙහිදී බැති ගී ගායනා ඉදිරිපත් කළහ.  

කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂ, ඥානාර්ථ ප‍්‍රදීපය පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ආචාර්ය කැමිලස් ප‍්‍රනාන්දු පියතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම බැති ගී මෙහෙයට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා ඇතුළු මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලය සමඟ සිය පවුල්වල සාමාජික සාමාජිකාවන් හා විශ‍්‍රාමික සේවක පිරිස් ද සහභාගි වූහ.   

නත්තල් බැති ගී මෙහෙය අවසානයේදී කුඩා දරු දැරියන් වෙත නත්තල් සීයා අතින් තෑගි පිරිනැමීමද සිදු කෙරිණි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00