වසර 17 කට පෙර ශ්‍රී ලාංකික රක්ෂණ ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූ අමානා තකාෆුල් රක්ෂණ සමාගම අද වන විට දිවයින පුරා ශාඛා රැසකින් සිය පාරිභෝගිකයන්ට සේවා රැසක් සපයන සුවිශේෂ රක්ෂණ විසඳුම් ඇති රක්ෂණ සමාගමකි. සිය පාරිභෝගිකයින්ගේ තරාතිරම හෝ තත්ත්වය නොබලා සැමට එක හා සමාන ලෙස ගුණාත්මක සේවා සැපයීම ප‍්‍රමුඛතාවය කොට ගෙන ඇති නිසා දිනෙන් දින සමාගම පිළිබඳ විශ්වාසය තැබූ පාරිභෝගිකයන් ප‍්‍රමාණාත්මක ලෙස විශාල වෙමින් පවතී. අමානා රක්ෂණ සමාගම මෙවන් දියුණුවක් ලැබීමට හේතුව සුවිශේෂ පුහුණුවක් සහිත අලෙවි නියෝජිතයන් රැසක් පාරිභෝගික අවශ්‍යතාවට ප‍්‍රමුඛතාවය දෙමින් කටයුතු කිරීමයි.
රක්ෂණ ක්ෂේත‍්‍රයේ දී සිය පාරිභෝගිකයන් වෙනුවෙන් මෝටර් රථ, ව්‍යාපාර, සෞඛ්‍ය, මුහුදු, වැඩිහිටියන් සඳහා මෙන්ම කාන්තාවන් සඳහාද වශයෙන් විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක් සඳහා සුවිශේෂ ප‍්‍රතිලාභ ඇති රක්ෂණාවරණයන් හඳුන්වා දුන් අමානා තකාෆුල් වෙතින් දැන් මෝටර් බයිසිකල් සඳහා SRC ( Smart Rider Cover ) නමින්ද ත්‍රී රෝද රථ සඳහා ටුක් ටුක් ෆුල් (Tuk Tuk Full) නමින් රක්ෂණාවරණයක්ද හඳුන්වා දෙයි. මෙතෙක් ශ්‍රී ලාංකික රක්ෂණ ක්ෂේත‍්‍රයේ දී කිසිදා නොලැබුණු ප‍්‍රතිලාභ රැසක් සහිත නිසාම මෙම රක්ෂණාවරණයන් වලින් මෝටර් බයිසිකල් සහ ත්‍රී රෝද රථ හිමියන්ට තිබූ ගැටළු රාශියක් නිරාකරණය වනු ඇත.
මෝටර් බයිසිකල් සඳහා ගෙන එන නවතම SRC ( Smart Rider Cover ) රක්ෂණයෙන් හිමි වන ප‍්‍රතිලාභ රැසක් හඳුන්වාදී තිබේ.
ප‍්‍රතිලාභ රැසක් හිමිකර දීමෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ එදිනෙදා දිවියේ මහමඟ ඇති වන ගැටළු සඳහා වඩා සහනදායී ක‍්‍රමවේදයක් හඳුන්වාදීම අමානා තකාෆුල් සමාගමේ අපේක්ෂාව බවත් මෙම රක්ෂණ ක‍්‍රම මගින් මෝටර් බයිසිකල් සහ සහ ත්‍රී රෝද රථ හිමියන්ගේ ජීවන තත්ත්වය ගුණාත්මක අයුරින් ඉහළ දැමීම රක්ෂණ සමාගමක් වශයෙන් ඉතා සතුටින් ඉටු කරන බවත් මෙම රක්ෂණාවරණ සඳහා පැවති මාධ්‍ය හමුවේදී අමානා රක්ෂණ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ෆසාල් ගෆුර් මහතා සඳහන් කළේය.