2018 ජුනි 16 වන සෙනසුරාදා

HUAWEI  ලොව ප්‍රකට Forbes ශ්‍රේණිගත කිරීම් අතර 2018 වසරේ වටිනාතම සන්නාම අතර තවදුරටත් ඉදිරියට

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

2018 වසරේ වටිනාතම සන්නාමයක් ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතර සිටින එකම චීන සමාගම බවට HUAWEI පත්වෙයි. ඇමරිකානු ඩොලර් බිලියන 8.4ක වත්කමක් පවත්වා ගනිමින් අඛණ්ඩව වසර දෙකක් තිස්සේ  Forbes ශ්‍රේණිගත කිරීම් අතර 79 වන ස්ථානයේ රැඳී සිටීමට  HUAWEI සමත්වී තිබේ.

වසර 2017 දී ඇමරිකානු ඩොලර් බිලියන 7.3ක සන්නාම වටිනාකමක් සමඟ HUAWEI මුල්වරට මෙම Forbes ශ්‍රේණිගත කිරීම් අතර 88 වන ස්ථානය හිමිකර ගනිමින් එම ශ්‍රේණිගත කිරීම් සඳහා එක්විය. එතැන් සිට වසරක අඛණ්ඩ වර්ධනයකින් පසු 15% කින් සිය සන්නාම වටිනාකම  ඇමරිකානු ඩොලර් බිලියන 8.4 ක් දක්වා ඉහළ නංවා ගනිමින් Forbes ශ්‍රේණිගත කිරීම් අතර 79 වන ස්ථානය දක්වා පැමිණීමට HUAWEI සමත් වී තිබේ. මෙම ලැයිස්තුවේ ප්‍රමුඛ සමාගම් 100 අතුරින් 20%ක වර්ධනයක් ලැබූ සමාගම් පළමු සමාගම් 5 අතරට එක්ව ඇති අතර අඛණ්ඩව වසර 8ක් පළමු ස්ථානයේ සිටින්නේ ඇපල් සමාගමයි. ඉන්පසු ගූගල්, මයික්‍රොසොෆ්ට්, ෆේස්බුක් සහ ඇමසන් වැනි සමාගම් ලැයිස්තුගත කර තිබේ. රටවල් 16ක සමාගම් පළමු සමාගම් 100 අතර සිටින අතර එයින් බහුතරයක් එනම් සමාගම් 54ක් අමෙරිකාවට අයත්වෙයි. ජර්මානු සමාගම් 12ක් සහ ජපාන සහ ප්‍රංශ සමාගම් 7 බැගින්  මෙම ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් අතර එහි නම් සඳහන් වන එකම චීන සමාගම වන්නේ  HUAWEI සමාගමයි.

වසර 2017 දී  HUAWEI සමාගම  Mate, P සහ  Nova series ආදී නව හඳුන්වාදීම් රැසක් සමඟ ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. ඉහළ පරාසයේ වෙළඳපළ ඉලක්ක කරගනිමින් HUAWEI නිපදවූ HUAWEI P10 සහ  HUAWEI Mate10 ආදී නිෂ්පාදන ජාත්‍යන්තරය හමුවේ HUAWEIහි වර්ධනය පෙන්නුම් කිරීමට උපරිම ලෙස දායක වූ නිෂ්පාදන කිහිපයකි. ලෝකය පුරා තරුණ පරපුරේ ආකර්ෂණය දිනාගනිමින් ඉදිරිපත් කළ HUAWEI nova 2i වර්තමානයේ තාරුණ්‍යයේ ස්මාර්ට්ෆෝන් අතර ජනප්‍රියතම නිෂ්පාදනයකි.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00