2017 ජනවාරි 28 වන සෙනසුරාදා

සිංගර් විසින් දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියනයක් වටිනා Huawei  ස්මාර්ට්ෆෝන් අලෙවි කරයි

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා 2016 වසරේ දෙසැම්බර් මාසය තුළ පමණක් රුපියල් බිලියනයක වටිනාකමකින් යුත් Huawei ස්මාර්ට්ෆෝන් අලෙවිකර වාර්තාවක් තබයි. Huawei සහ සිංගර් එක්ව ගොඩනගාගත් පාරිභෝගික විශ්වාසයෙහි ප්‍රතිඵලයක් ලෙස සහ නවීනතා රැසකින් සමන්විත ස්මාර්ට්ෆෝන් සහ ටැබ්ලට් හඳුන්වාදීම මඟින් මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත් වී තිබේ.

ලොව ප්‍රකට Leica තාක්ෂණය යටතේ නිපදවූ උසස්තම කැමරාවක් සහිත Huawei P9 ස්මාර්ට්ෆෝනය සහ P9 Plus ස්මාර්ට්ෆෝනය ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝන් ලෙස පාරිභෝගික ප්‍රසාදයට ලක්වී ඇති අතර මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝන් වන GR කාණ්ඩය ලෙස  GR5, GR5 Mini, GR5 2017 යන ස්මාර්ට්ෆෝන් ද මෙරට අතිශය ජනප්‍රියත්වයට ලක්වී ඇති අතර Y6PRO, Y6II, Y5II  වැනි මූලික මට්ටමේ 4G ස්මාර්ට්ෆෝන් සඳහාද ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මෙම තත්ත්වය නිසා දිවයින පුරා ස්මාර්ට්ෆෝන් ලෝලීන් අතර උසස් තැනක්Huawei සන්නාමයට හිමිව තිබේ.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00