රටවල් 18කට අධික සංඛ්‍යාවක විසිරී පවතින, ලොව තුන්වැනි විශාලතම දුරකථන සන්නිවේදන සමාගම වන භාර්ති එයාර්ටෙල් ශ‍්‍රී ලංකාව තුළ මෙහෙයුම් ආරම්භ කර වසර 8 ක් සම්පූර්ණ වී තිබේ.
2009 වසරේ පටන් රු. බිලියන 64කට අධික ආයෝජනයන් සමගින් දිවයින තුළ ශක්තිමත් දුරකථන සේවා ජාලයක් ස්ථාපිත කිරීමට සමාගමට හැකියාව ලැබිණි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෑතකදී ප‍්‍රකාශයට පත්කරන ලද අන්තර්ජාල වේගය පිළිබඳ අධ්‍යයන වාර්තාවන්ට අනුව එයාර්ටෙල් ජාලය මෙරට වේගවත්ම 3G ජාලය ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම මෙරට තරුණ පරපුර අතර වඩාත්ම ජනප‍්‍රිය ජාලයක් ලෙස කීර්තියක් දිනාගැනීමටද එයාර්ටෙල් සමත් වී තිබීම විශේෂත්වයකි.
තරුණ පරපුර සවිබලගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් ඒ සම්බන්ධයෙන් නව වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා 2017 වසරේ සිය සන්නාම තානාපතිනිය ලෙස ජනප‍්‍රිය රංගන ශිල්පිනී පූජා උමාශංකර් සම්බන්ධ කරගැනීමටද එයාර්ටෙල් සමාගම පසුගියදා කටයුතු කළේ ය. ඊට අමතරව මෙම අට වස් සැමරුමට සමගාමීව එයාර්ටෙල් සමාගම සහ එහි ව්‍යාපාරික හවුල්කරුවන් එක්වී සිය ප‍්‍රථම ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකු වෙත ජීවිත කාලය පුරා ජාලය තුළ ඇමතුම් නොමිලේ ලබාදීමටද පියවර ගන්නා ලදි.