ආසිරි රෝහල් සමූහයේ සාමාජිකයෙක් මෙන්ම JCI අනුමැතිය ලත් රෝහලක් වන ආසිරි සෙන්ට‍්‍රල් රෝහල තම විශිෂ්ට සේවාවත් අසමසම රෝගී ප‍්‍රතිකාරත් තුළින් මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රය ඉහළ තලයකට ඔසවා තැබූ රෝහලකි.
ආසිරි සෙන්ට‍්‍රල් රෝහල විසින් හඳුන්වා දී ඇති ද්විත්ව තල කැතීටරකරණ ඒකකය Interventional Radiology Unit රුධිර වාහිනීවල ඉදිමුම, රුධිර වාහිනී අවහිරවීම හා වෙනත් ස්නායුමය රුධිරවාහිනී තත්ත්වයන් ඉතා නිරවද්‍යව හඳුනාගැනීම සහ ඉන් සමහර තත්ත්වයන්ට සැත්කමකින් තොරව ප‍්‍රතිකාර කිරීමටත් හැකියාව ලැබී ඇත. මෙම ඒකකය 2013 වසරේ ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ස්නායු ද්විත්ව තල ඒකකය ලෙස ආරම්භ කිරීමට ආසිරි රෝහල් සමූහය කටයුතු කළේ රුපියල් මිලියන 150ක ආයෝජනයක් තුළිනි. ජාත්‍යන්තර ප‍්‍රමිතීන් හා අනුකූල වෙමින් හඳුන්වා දී ඇති මෙම කැතීටරකරණ ඒකකය මගින් රුධිර වාහිනීවල සියුම් දත්ත පුළුල් තිරයක් මත ඉතා නිවැරදිව දර්ශනය කිරීමට ඇති හැකියාව නිසා ඉතා සූක්ෂම ප‍්‍රතිකාර පවා සාර්ථකව සිදුකිරීමේ හැකියාව ලැබී ඇත. මෙම ඒකකය භාරව කටයුතු කරන්නේ ඉහළ කැපවීමක්, පුහුණුවක් මෙන්ම පළපුරැද්දක් සහිත විකිරණවේදී වෛද්‍ය විශේෂඥයන් දෙදෙනෙකු වන වෛද්‍ය නිහාල් විජයවර්ධන හා වෛද්‍ය ලක්මාලී පරණහේවා විසිනි. ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය නිර්වින්දන සහාය විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්ගෙන් ලැබෙන අතර අවශ්‍ය අනෙක් විශේෂඥ සහාය ආඝාත නිවාරණ ඒකකය භාර වෛද්‍ය තුරුල් ආටිගල සහ ස්නායු ශල්‍ය ඒකකය භාර ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා ආදී වෛද්‍යවරුන්ගෙන් නිරතුරුව ලැබේ. ඊට අමතරව පුහුණුව ලත් විකිරණවේදීන් හා හෙදියන් කණ්ඩායම් කිහිපයක්ම දින හතේ පැය විසි හතර පුරාම සේවයේ යෙදී සිටිනවා යනුවෙන් වෛද්‍ය ලක්මාලී පරණහේවා මහත්මිය පැවසුවාය.
මෙම ඒකකය ලංකාවේ ප‍්‍රථම ස්නායු ද්විත්ව තල කැතීටරකරණ ඒකකය Neuro Interventional Cath Lab වන අතර මේ වනවිට මෙහි ඉතා සාර්ථක ප‍්‍රතිඵල සහිතව ප‍්‍රතිකාර රාශියක් සිදුකර තිබෙනවා ඇය වැඩිදුරටත් පැවසුවාය. වර්තමානයේදී ප‍්‍රමුඛතාවක් ලැබෙන්නේ ව්‍යච්ඡේදය අවම වශයෙන් සිදුකරමින් රෝගවලට පිළියම් කිරීමටය. එමගින් රෝගීන්ට පූර්ණ සුවය ලැබීමේ කාලසීමාව අඩු වන අතර අතුරු ප‍්‍රතිඵල අවම කෙරේ. තවද, එය සම්ප‍්‍රදායික විවෘත ශල්‍ය කර්මයක් වෙනුවට ඉකිළි ප‍්‍රදේශයේ සිදුකරන සිදුරක් මගින් මෙම ප‍්‍රතිකාර සිදුකෙරෙන බැවින් රෝගියා ප‍්‍රකෘති තත්ත්වයට පත්වීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. විශේෂයෙන් රුධිර නාලවල ඉදිමීමක් සහිත රෝගීන් හට ප‍්‍රතිකාර කිරීමේදී විශාල රෝගීන් ප‍්‍රමාණයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලබාගත් International Subarachnoid Aneurysm &ISAT විනිශ්චයේ ප‍්‍රතිඵලවලට අනුව, විවෘත සැත්කමකට වඩා රුධිරවාහිනී ඔස්සේ කැතීටර මාර්ගයෙන් කරන මෙම ප‍්‍රතිකාරය සුදුසු බව සනාථ වී ඇත.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නිහාල් විජේවර්ධන මහතා සඳහන් කළේ රුධිර වාහිනියක හටගන්නා මෙවැනි කැටිති ඉදිමීමෙන් එම රුධිර වාහිනී පැලීමකට ලක් විය හැකි බවය. එය ඉතා බරපතළ තත්ත්වයක් බවත්, එවැනි තත්ත්වයක් හඳුනාගත් වහාම ඒ සඳහා ප‍්‍රතිකාර කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි. කොලස්ටරෝල්, අධි රුධිර පීඩනය, දුම් පානය සහ උපතින් එන විවිධ තත්ත්ව හේතුවෙන් මෙවැනි තත්ත්වයන් මතුවිය හැකියි වෛද්‍ය පරණහේවා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.