නවීන තාක්ෂණයෙන් බලගන්වා නවීකරණය කළ අනුරාධපුර මොබිටෙල් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි පිරිසකට පහසුවෙන් ළඟාවිය හැකි නගරයේ කේන්ද්‍රීය ස්ථානයක් වන අංක 36, මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලදී. WTC, Liberty Plaza, ඩුප්ලිකේෂන් පාර, කුරැණෑගල, අනුරාධපුරය, යාපනය, මඩකලපුව, රත්නපුර සහ මාතර ආදී දිවයිනේ නගර රැසක මොබිටෙල් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන පිහිටා ඇති අතර එමගින් පාරිභෝගිකයන් විශාල පිරිසකට විශිෂ්ට සේවාවක් සපයයි.
කොළඹ පිහිටි මොබිටෙල් ප්‍රධාන කාර්යාලීය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ආකෘතියට අතිශයින්ම සමානව අනුරාධපුර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත. පැමිණෙන පාරිභෝගිකයන්ට අසමසම සේවාවක් ලබාදීමට මොබිටෙල් අනුරාධපුර කණ්ඩායම සැදී පැහැදී සිටී. මෙම මධ්‍යස්ථානයේදී මොබිටෙල් මූලිකත්වයෙන් ලබාදෙන දැනට ලෝකයේ ඇති නවීනතම තාක්ෂණ භාවිතය දැක බලා ගැනීමේ සහ අත්විඳීමේ පහසුව පාරිභෝගිකයන්ට සපයා ඇත. ස්මාර්ට් ජීවන කලාවක් පවත්වා ගැනීමට අවශ්‍ය Internet of Things (IoT) සංකල්පය සහිත උපාංග, විශාල පරාසයක පැතිරැණු ස්මාර්ට් ජංගම දුරකථන සහ පරිගණක ක්‍රීඩා සඳහා වෙන්කළ ස්ථාන රුසක් මෙහි තිබේ. නවීන සන්නිවේදන පහසුකම් සපිරි අලුත් ආකෘතියකින් අලුත් තැනක ප්‍රතිස්ථාපනය කළ මොබිටෙල් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය තුළින් අවට සිටින ග්‍රාමීය ජනතාව වැඩි පිරිසක් ආකර්ෂණය කරගැනීමට මොබිටෙල් අපේක්ෂා කරයි. මෙමගින් නවීන සන්නිවේදන තාක්ෂණික භාවිතය පිළිබඳ දැනුම සහ අත්දැකීම් ජනතාවට සමීපවන අතර තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් ශ්‍රී ලාංකික ජන ජීවිතයට සන්නිවේදන තාක්ෂණයේ උසස් අත්දැකීම් එකතු කිරීමට මොබිටෙල් දක්වන කැපවීම මෙයින් මනාව පැහැදිලි වෙයි. ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් ඩිජිටල් උපාංග බලගැන්වීම අවශ්‍ය තාක්ෂණය සහ සේවා හරහා රටේ තොරතුරැ සන්නිවේදන තාක්ෂණික හැඩතලය සංවර්ධනය කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ ලෝකය අත්දකින නවීන සන්නිවේදන තාක්ෂණයේ පහසුකම් ලබාදීම උදෙසා වෙහෙසෙයි.