2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ප‍්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් හට රන් සම්මානයක්

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

2006 වසරේ ආරම්භ කළ තොරතුරු තාක්ෂණ උපදේශන, සොෆ්ට් වෙයා ඩිවෙලොප්මන්ට් සේවා හා වීඩියෝ ප‍්‍රවේක්ෂණ විසඳුම් ලබාදෙන ප‍්‍රමුඛයෙකු ලෙස නමක් දිනා සිටින ප‍්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් ප‍්‍රයිවෙට් ලිමිටඩ් (පී.එම්.එස්) හට ජාත්‍යන්තරතලයේ සුපිරි සමාගමක් වන ඇක්සිස් කමියුනිකේෂන්ස් වෙතින් සොලියුෂන් ගෝල්ඩ් (රන් සහකරු සහතික) සම්මානය දිනා ගැනීමට සමත් විය. එම සම්මාන සහතිකය ප‍්‍රදානය කිරීමේ උළෙල පසුගියදා කොළඹ දි පැවැත්වණු අතර ඇක්සිස් හි මාලදිවයින් හි හා ශ‍්‍රී ලංකා කළමනාකරු වන අකලංක විජේවර්ධන මහතා විසින් එම සම්මානය ප‍්‍රධානය කරන ලදී. 

සම්මාන සහතිකය ප‍්‍රදානය කිරීමෙන් පසු විජේවර්ධන මහතා පැවැසුවේ, ප‍්‍රීමා මැනේජ්මන්ට් සර්විසස් වෙත රන් සම්මානය ලබාදීමට හේතු වූයේ පී එම් එස් මෙම හවුල් ව්‍යාපාරය සඳහා අවැසි ප‍්‍රදර්ශනාගාර පහසුකම් සඳහා ආයෝජනය කිරීමත් එය ඇක්සිස් අනුමත කළ හොඳම සේවක පිරිසක් සහිත ආයතනය වීමත් ඔවුන් වීඩියෝ ප්‍රවේක්ෂණය සඳහා අති දක්ෂ කණ්ඩායමක් වීමත් නිසා බවත්ය. මෙය තවදුරටත් ස්ථාපිත කරමින් එම ආයතනය මෙම කලාපයේ ම ප‍්‍රවීණයන් බවත්, වෘත්තීයමය ලෙස ඉතා උසස් සේවාවක් සලසන පිරිසක් නිසාත් ශ‍්‍රී ලංකා පොලීසිය හා ගුවන් තොටුපොළ සේවා සමාගම ඔවුන්ගේ සමාගමේ සේවය ලබාගැනීම තමනටද ගෞරවයක් බවද ඔහු තවදුරටත් පැවසීය.     

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00