2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

Greentel Mobile වෙතින් තාක්ෂණයන්ගෙන් සපිරි V8 TAB

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

තාක්ෂණයේ සුන්දරත්වය මුළු පවුලටම සමීප කිරීමට Greentel Mobile (www.greentelmobile.lk)  හඳුන්වා දෙන පෙරළිකාර V8 ටැබ්ලට් එහි නෙත් සිත් ඇද බැඳ ගන්නා උසස් නිමාව සේම අන්තර්ගත අද්විතීය තාක්ෂණය හේතුවෙන් වෙළෙඳපොළේ පවතින අතිශය තරඟකාරී ටැබ් එක වනු ඇත. ලිතියම් පොලිමර් භාවිතයෙන් නිමවා ඇති 5000mah බැටරිය හේතුවෙන් එය දැනට වෙළෙඳපොළේ පවතින වැඩිම බැටරි ජිව ධාරිතාවක් සහිත ටැබ් එක වීමද සුවිශේෂත්වයකි. අඟල් 9.6 පුළුල් IPS තිරය, සුපැහැදිලි කැමරා, Micro SIM/Dual SIM,  Android OS, V, 5.1(Lollipop), HSDPA/GSM/3G, 16 GB in built memory ඇතුළු තවත් නවීනතම අංග සහ තාක්ෂණයන්ගෙන් V8 TAB සමන්විතය. එහි ඇති සුවිශේෂ අංගයක් වන තිරයට පහළින් පිහිටි ස්පීකරය මගින් ශබ්ද මනාව ශ‍්‍රවණය වේ. එසේම OGT Support හේතුවෙන් කේබල් එකක් ඔස්සේ පෙන් ඩ‍්‍රයිව් එකක තිබෙන දත්ත ටැබ් එකට ක්ෂණිකව හුවමාරැ කළ හැකිය. 

කී බෝඩ්, මවුස් මෙන් ජොස්ටික්ද සම්බන්ධ කර හැකි නිසා මෙය ලැප්ටොප් එකකට නොදෙවෙනි ලෙස භාවිත කළ හැකිය. සිංහල,  ඉංග‍්‍රීසි සහ දමිළ පරිවර්තන Dictionary App සේම ඕනෑම දිස්ත‍්‍රික්කයක හෝ ප‍්‍රධාන නගරයක වැදගත් සහ අත්‍යාවශ්‍යය ස්ථානවල තොරතුරු අන්තර්ජාලයට පිවිසීමෙන් තොරව දැන ගත හැකි Greentel Contact App ඇතුලු තවත් APP රැසක් ඇත. දේශීය සමාගමක් වන Greentel පාරිභෝගිකයාගේ ජීවිතය වෙනස් කරන නිෂ්පාදන නිරන්තරයෙන් හඳුන්වා දෙයි. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00