2019 මැයි 07 වැනිදා සවස සිට මැයි 08 වැනිදා රාත්‍රිය දක්වා ස්ටයින් මැදිරියේදී හයවැනි වරටත් Google I/O extended Sri Lanka 2019 තොරතුරු තාක්ෂණ සමුළුව පැවැත්වීය. සුපුරැදු පරිදි මෙවරද සැමගේ අවධානය ලබාගෙන වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මොබිටෙල් විසින් මෙම වැඩසටහනේ සියලු තාක්ෂණික බලගැන්වීම් සිදුකරන ලදී. මෙම වසරේදී රටේ ඇතිවූ අයහපත් තත්ත්වය හේතුවෙන් සජීවී අන්තර්ජාල වැඩසටහනක් ලෙස Google I/O extended Sri Lanka 2019 වැඩසටහන සංවිධානය විය. මෙයට සහභාගී වන්නන්ගේ පෞද්ගලික ආරක්ෂාව මූලිකත්වය ගෙන සලකා බලා මෙන්ම මෙම වැඩසටහන බලාපොරොත්තුවෙන් සිටි කණ්ඩායමේ අපේක්ෂා කඩ නොකරමින් මොබිටෙල් විසින් සියල්ල වහාම සංවිධානය කර තිබුණි. දක්ෂතාවන්ගෙන් පිරිපුන් Mobitel Innovation Center කණ්ඩායම එකට එකතු වී ඉතාමත් සාර්ථක ලෙස Google I/O extended Sri Lanka 2019 වැඩසටහන සැබෑවක් කිරීමට පෙරමුණ ගත්තේය. තාක්ෂණයෙන් පිරිපුන් සුවිසල් වැඩසටහනක් ලෙස අමතක නොවන අත්දැකීම් රුසක් ලබාදුන් මෙම වැඩසටහනට උද්යෝගීමත් සජීවී බවක් ලබාදීමට ඔවුන්ට හැකිවිය. අනාගත පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය Mobile and Beyond පිළිබඳ අෙමරිකාවේ සිට ප්‍රධාන දේශනය සිදුකරමින් උත්සවයේ සියලු අංග සජීවී ලෙස නරඹන්නන්ට පෙර පැවති උද්යෝගය ළඟාකරදීමට මොබිටෙල් වෙහෙස විය. දේශීය දේශකයන්ගේ සහභාගීත්වයෙන් විවිධ තාක්ෂණ, ව්‍යාපාර ආරම්භය නිර්මාණය පිළිබඳ සාකච්ඡා, දේශනා, You Tube, Facebook මාධ්‍ය සහ Peo TV හරහා සජීවීව ප්‍රදර්ශනය කළේය.
කිසිම අවස්ථාවක වැඩසටහනේ තාක්ෂණික අංශය නරඹන්නන්ට අතපසු නොවන්නට මොබිටෙල් සියලු කටයුතු සංවිධානය කර තිබේ. සෑම දෙයක්ම තාක්ෂණයෙන් කරගන්නා ආකාරය ඉලක්ක කරගත් විශේෂ වැඩමුළුවක්, හරිත අනාගතයකට තාක්ෂණය, පවතින මානසිකත්වයේ සිට නව්‍ය ව්‍යාපාර ඇරඹෙන මානසිකත්වය දක්වා, ආදීවූ මාතෘකා යටතේ ලංකාවේ නව්‍ය ආයතන, ව්‍යාපාර ඇරඹි ප්‍රධාන පුද්ගලයන්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් දැනුම බෙදාගත්තේය. “Sri Lankan Whizz-kids” නමින් Generation Z වලට අයත්වන දරුවන් පිළිබඳ සිදුකළ සාකච්ඡා සභාව කාගේත් සිත් ගත්තේය. “Your Gateway to the Digital World” මඟින් මොබිටෙල් වන නව ඩිජිටල් සේවා වේදිකාව ප්‍රදර්ශනය විය. වගකීම සහිත ආයතනයක් ලෙසත්, ජාතික ජංගම දුරකථන ජාලය ලෙසත්, “mSpace” හඳුන්වාදීම, එමෙන්ම රටේ පවතින තත්ත්වය හේතුවෙන් මේ වසරේ වැඩසටහනට කිසිදු විනෝදාස්වාදය දනවන වැඩසටහනක් ඇතුළත් නොකිරීමට මොබිටෙල් වගබලාගත්තේය. මෙම වැඩසටහන දිවයිනේ තොරතුරු සන්නිවේදන වෘත්තිකයන්, ව්‍යාපාර නායකයන්, විශ්වවිද්‍යාල සිසුන් සහ තාක්ෂණය භාවිතා කරන තරුණ නව නිර්මාණ ශිල්පීන් අතර සෑම වසරකදීම ජනාදරයට පත්වූ වැඩසටහනකි.