2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී ඩිජිටල් ගෙවීම් සඳහා mCash සමඟ හවුල්වේ

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

විප්ලවීය ජංගම මුදල් වේදිකාව වන mCash මෙරට ඉලෙක්ට්‍රෝනික ගෙවීම් පසුතලය පරිණාමනය කරමින්, ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී සමග අත්වැල් බැඳගෙන mCash හරහා ගෙවීම් කිරීමේ පහසුකම සිය පාරිභෝගිකයන්ට ලබාදෙයි. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස, ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ෆිනෑන්ස් සහ ලීසිං ගෙවීම් mCash හරහා වඩාත් පහසුවෙන් සිදුකළ හැකිය. පාරිභෝගිකයන්ට සරලවම #111# අංකනය කිරීමෙන් හෝ mCash යෙදුම බාගත කිරීමෙන් පසු මෙනුවේ දක්වා ඇති නිශ්චිත උපදෙස් පිළිපැදීමෙන් Arpico Finance Company PLC තෝරා ගත හැකිය. එසේ නොමැතිනම්, ගනුදෙනුකරැවන්ට දිවයින පුරා ඇති mCash සිල්ලර වෙළඳුන් වෙත පිවිසීමෙන් මෙම පහසුකම ලබාගත හැකිය. වසර 68ක ආයතනික උරැමයක් ඇති ශ්‍රී ලංකාවේ දෙවැනි, පැරණිතම මුල්‍ය සමාගම ලෙස ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් වෙළඳපොළ තුළ ශක්තිමත් ගනුදෙනුකාර පදනමක් උපයාගෙන ඇති අතර, පසුගිය දශක හය තුළ මුල්‍ය කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථාන රාශියක් පසුකර ඇත. mCash විවිධ අංශයන්හි ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, මුල්‍ය ගනුදෙනු සිදුකිරීමේ පහසුව සහ වේගය වැඩිකිරීම සඳහා සිය ජංගම වේදිකාව ලබාදෙයි.

mCash යනු ජාතික ජංගම සේවා සැපයුම්කරු වන මොබිටෙල් සමාගමේ සංකල්පයක් අනුව සකස්කළ ජංගම මුදල් පසුම්බියක් වන අතර එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇත. 2013 නොවැම්බර් මස දියත් කරන ලද mCash විදුලි සන්දේශ යටිතල පහසුකම් භාවිතා කරමින් ජංගම දුරකථන යොදා ගනිමින් ක්‍ෂණිකව සහ ආරක්‍ෂිතව සක්‍රිය කළ හැකි පහසු මුදල් ගනුදෙනු කරන ක්‍රමවේදයකි. මොබිටෙල් දිවයින තුළ මුල්‍ය සේවා සැපයීමේ කාර්යයට අවතීර්ණ වූයේ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළඟාවීම සහ දිවයින පුරා ව්‍යාප්තව ඇති බෙදාහැරීමේ ජාලය වැනි සිය මූලික තරගකාරී වාසිවලින් සමස්ත මුල්‍ය කර්මාන්තයටම ප්‍රතිලාභ ලබාගැනීමට ඉඩ සලසමින් සියලුම ශ්‍රී ලාංකිකයන් ඩිජිටල් මුල්‍ය සංස්කෘතියට ඇතුළත්කර ගැනීමටය.

මුදල් යැවීම සහ ලබා ගැනීම, ජංගම දුරකථන රීලෝඩ් සහ බිල්පත් ගෙවීම්, විවිධ උපයෝගීතා බිල් සහ ආයතනික ගෙවීම් සිදුකිරීම, EMVCo ගෝලීය තත්ත්ව සහතිකයන්ට අනුව සකස්කරන ලද අන්තර්ජාලය හරහා සහ වෙළඳසැල් වල සිදුකරන මිලදී ගැනීම් සඳහා mCashQR මාර්ගයෙන් ගෙවීම් කිරීම, බැංකු මුදල් තැන්පතු සහ ගනුදෙනුකරුවන්ට සිය ජංගම දුරකථනයෙන් mCash හරහා ණය මුදලක් ඉල්ලා සිටීමට සහ ලබාගැනිමට හැකියාව ලැබෙන ඩිටිටල් ණය ක්‍රමය වැනි සේවාවන් mCash සපයයි. mCash සඳහා ලියාපදිංචි වීම පිණිස ඔබගේ මොබිටෙල් දුරකථනයෙන් #111# අංකනය කර mCash ගිණුම භාවිතා කිරීම අරඹන්න. ඔබගේ mCash ගිණුමට මුදල් යෙදවීම  මොබිටෙල් ශාඛා, ටෙලිකොම් ටෙලිෂොප්, සිංගර් ප්‍රදර්ශනාගාර, අබාන්ස් ප්‍රදර්ශනාගාර, කීල්ස් සුපර් වෙළඳ මධ්‍යස්ථාන, ලංකා බෙල්, අමානා බැංකු ශාඛා, ඇතුළු වී වහාම ගෙවිය හැකි මධ්‍යස්ථාන, සණස සංවර්ධන බැංකු ශාඛා ඇතුළු කුඩා වීදි කෙළවර වෙළඳ සැල්වල සිට ප්‍රමුඛ පෙළේ සිල්ලර වෙළඳ ජාලය ඇතුළත් වන 16,000 කට වැඩි මධ්‍යස්ථාන වලින් සිදුකර ගත හැකිවාක් මෙන්ම mCash යෙදුම සක්‍රිය කර ගැනීමෙන් ඒ හරහා ඔබගේ බැංකු ගිණුම මගින් කෙළින්ම සිදුකර ගැනීමටද හැකිය.