මොබිටෙල් Master Unlimited පැකේජ මාස 12 කට වැඩි කාලයක සිට භාවිත කරන පාරිභෝගිකයන් සුවිශේෂී ඇගයීමකට ලක්කරමින් ඔවුන් මිලදී ගන්නා Samsung සහ Apple ස්මාර්ට් ජංගම දුරකථන සඳහා 40% දක්වා වටිනා වට්ටම් පිරිනැමීමට මොබිටෙල් සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව තම මුදල් ඉතිරි කරගනිමින් නවීන Samsung සහ Apple ස්මාර්ට් ජංගම දුරකථන හිමිකරගැනීමට මොබිටෙල් පාරිභෝගිකයන් දැන් සුදුසුකම් ලබා සිටිති. මෙම සුවිශේෂී දීමනාව නිසා මොබිටෙල් පාරිභෝගිකයන්ට Samsung A30 දුරකථනයක් රුපියල් 25,666/-කට මිලට ගැනීමට හැකි වන අතර එහි වෙළෙඳපොළ වටිනාකම රැපියල් 45,490/-කි. එමෙන්ම Samsung A50 දුරකථනයක් රුපියල් 37,628/-කට මිලට ගැනීමට හැකි වන අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 59,690/- කි. එපමණක් නොව මෙම සුවිශේෂී දීමනාව හිමිකර ගනිමින් මොබිටෙල් පාරිභෝගිකයන්ට Apple iPhone7 දුරකථනයක් රුපියල් 56,400/-කට මිලට ගැනීමට හැකි වන අතර එහි වෙළෙඳපොළ වටිනාකම වගකීම් සහතිකය ද සමඟින් රුපියල් 81,490/- කි.
මොබිටෙල් විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට හඳුන්වා දෙන ලද Master Unlimited පැකේජයන් වන Master Voice, Master Voice and data සහ Master Data පැකේජ භාවිතා කරන පාරිභෝගිකයන් ඇගයීමක් වශයෙන් මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබේ. රුපියල් 2,999/- වැනි මාසික අයකිරීමකට මොබිටෙල් Master Unlimited voice පැකේජය සඳහා අසීමිත Data ලබාදෙන අතර, Master Unlimited Voice සහ Data පැකේජය මාසිකව රුපියල් 3,999/- අයකිරීමක් යටතේ ද voice only පැකේජය මාසිකව රුපියල් 1,500/- ක් වැනි අයකිරීමක් යටතේ ද මොබිටෙල් විසින් සිය පාරිභෝගිකයන්ට ලබා දෙයි.
ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ වේගවත් අන්තර්ජාල සබඳතාවයක් ලබාදෙන මොබිටෙල් Master Unlimited Data පැකේජය නිසා බාධාවකින් තොරව වීඩියෝ නැරඹීමට පාරිභෝගිකයාට හැකියාව ලැබුණු අතර, තම data ප‍්‍රමාණය ඉක්මනින් අවසන් වේ යැයි යන බියද ඉවත්ව ගොස් තිබේ. මොබිටෙල් සමාගම ලෝකයේ නවීනතම ජංගම දුරකථන තාක්ෂණයන් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව මෙරටට හඳුන්වාදීමට කැපවීමෙන් කටයුතු කරන අතර තරගකාරී මිල ගණන් යටතේ ඩිජිටල් ජංගම උපාංග අලෙවියට ද කටයුතු කරයි. තම පාරිභෝගිකයන් නිරන්තරවම අගය කරමින් ඔවුන් වෙත වටිනා වට්ටම් හා දීමනා පිරිනමන මොබිටෙල් සමාගම වෙළෙඳපොළේ තරගකාරීම මිල ගණන් යටතේ voice සහ data පැකේජද ලබා දෙයි. එපමණක් නොව මොබිටෙල් අලෙවිසැල් වෙතින් නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන හා ජංගම උපාංග සුවිශේෂී දීමනා යටතේ ලබා දීමට ද කටයුතු කරමින් සිටී.