ශ්‍රී ලංකාවේ වැඩිම සහතිකකරණයන්ගෙන් පිදුම් ලද සෞඛ්‍ය සේවා සම්පාදකයා වන ලංකා හොස්පිට්ල්ස් රෝහල සිය වෙබ් අඩවිය වැඩිදියුණු කර යළි දියත් කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. www.lankahospitals.com ලිපිනය ඔස්සේ පිවිසිය හැකි මෙම වෙබ් අඩවිය තුළ ලංකා හොස්පිට්ල්ස් සම්බන්ධ තොරතුරු රාශියක් ඇතුළත් වී ඇති අතර නව තාක්ෂණය සමගින් දැන් එය වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි වේ.
වැඩිදියුණු කළ මෙම වෙබ් අඩවිය දැන් ජංගම දුරකථන ඔස්සේ මෙන්ම තවත් උපාංග, බ්‍රවුසර හා මෙහෙයුම් පද්ධති රාශියක් ඔස්සේ පරිශීලීනය කළ හැකි පරිදි සකස් කර තිබේ. ඒ අනුව තම අවශ්‍යතාව කුමක් වුවත් ජනතාවට දැන් එම තොරතුරු ඉතා ඉක්මනින් හා පහසුවෙන් ලබාගත හැකි වනු ඇත. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති උත්සවයකදී ලංකා හොස්පිට්ල්ස්හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා විසින් මෙම වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරන ලදී.
වෛද්‍ය සංචාරක ක්ෂේත්රය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවන පරිදි සහ, ශ්‍රී ලංකාව වෛද්‍ය සංචාරක ක්ෂේත්රය සම්බන්ධයෙන් කීර්තියක් දිනූ රටක් බවට පත්කිරීම සඳහා රජය දරන උත්සාහයට සමගාමී වීමේ අරමුණ ඇතිව මෙම වෙබ් අඩවිය සැලසුම් කර තිබෙනවා. ඒ නිසා මේ නව පියවර ලංකා හොස්පිට්ල්ස්හි පමණක් නොව සමස්තයක් ලෙස මුළුමහත් රටෙහිම යහපත වෙනුවෙන් තබන ලද ඉදිරි පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙය ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ සුවිශේෂී සෞඛ්‍ය සේවා කේන්ද්‍රයක් බවට පත්කිරීම සඳහා පැහැදිලි දායකත්වයක් ලබාදෙනු ඇති කියා අප බලාපොරොත්තු වනවා. වෛද්‍ය සරත් පරණවිතාන මහතා පැවසී ය.
ලංකා හොස්පිට්ල්ස් වෙබ් අඩවියෙහි දැන් සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ද තොරතුරු ඇතුළත් වන බවත්, මෙහි දෙවැනි අදියර යටතේ එය විදේශ භාෂා රැසකට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන බවත් ලංකා හොස්පිට්ල්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී නිමල් රත්නායක මහතා පැවසී ය.
නව වෙබ් අඩවියේ අපගේ විශිෂ්ටත්වයේ මධ්‍යස්ථාන වන කාන්තා සුවතා මධ්‍යස්ථානය, ආමාශයාන්ත්‍රික ප්‍රතිකාර සේවා මධ්‍යස්ථානය, රුධිරගත රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය, සහ නාලස්ථ දරු උපත් මධ්‍යස්ථානය ආදිය සම්බන්ධයෙන් වෙන වෙනම තොරතුරු අඩවි ඇතුළත් කර තිබෙනවා. අදාළ රෝග තත්ත්වයන් සහ ප්‍රතිකාර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයන අයට මේවට පිවිසී අපගේ සේවාවන් හා ප්‍රතිකර්ම සම්බන්ධ තොරතුරු රාශියක් ලබාගැනීමට පුළුවන්. ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.