අපගේ සම දිනපතා අප මුහුණදෙන විවිධ පරිසර තත්ත්ව සහ කාලගුණ තත්ත්ව වලින් ශරීරය ආරක්ෂා කරන පළිහක් ලෙසින් ක්‍රියාකරයි. නිසි සත්කාරයක් නොලැබුණහොත් මෙම පළිහ දුර්වල වන අතර එවිට සම මලානික, වියළි සහ අඳුරු පැහැයෙන් දිස් වේ. මෙම ලකුණු පහළ වීම යනු වහාම තෙතමනය, පෝෂණය සහ සුවසහනය අවශ්‍ය වන බවට සම අපට දැනුම්දෙන ආකාරයයි.
මෙය ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පැහැදිලිව පෙන්වා දීමේ කාලීන අවශ්‍යතාව වටහා ගනිමින්, විශේෂ චර්ම සෞඛ්‍ය සතියක් සහ දැනුවත් කිරීමේ සංවාදයක් සංවිධානය කිරීමට Vaseline කටයුතු කළේ ය. මෙම වැඩසටහන කොළඹ Park Street Mews හිදී පසුගියදා ආරම්භ විය. චර්ම වෛද්‍ය විද්‍යාව, රූපලාවණ්‍ය, අලංකරණය හා ව්‍යාපාරික ක්ෂේත්රවල කැපීපෙනෙන සාමාජික සාමාජිකාවන් සහභාගී වූ මෙම සංවාදයේ දී ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ චර්ම සත්කාර පුරුදු සහ චර්ම සෞඛ්‍යය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරිණි. මෙම සංවාදයට වෛද්‍ය ලසිත් උයනගේ, රමණි ප්‍රනාන්දු, රොසෑන් ඩයස්, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි ප්‍රධානී (කේශ හා චර්ම සත්කාර) නිලූෂි ජයතිලක සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සන්නාම කළමණාකාරිනී මුනාසා රෆීක් යන මහත්මීහු සහභාගී වූහ.
සමබල ආහාර වේලක් සහ මොයිස්චරයිසින් ලෝෂන් වර්ග සමග සම රැකබලාගන්නා ආකාරය සම්බන්ධයෙන් චර්ම විද්‍යා විශේෂඥයෝ මෙහිදී අදහස් පළකළහ. එමෙන්ම රූපලාවණ්‍ය ශිල්පිනියන් විසින් Vaseline නිෂ්පාදන මාලාව භාවිතයෙන් සමට සත්කාර සලසන ආකාරය විස්තර කරන ලද කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය නැංවීම සඳහා විවිධ ආදර්ශමත් කතාද සභාවට ඉදිරිපත් කරන ලදි.
යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි ප්‍රධානී (කේශ හා චර්ම සත්කාර) නිලූෂි ජයතිලක මහත්මිය පැවසුවේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ රූපලාවණ්‍ය සත්කාර පුරුදු බොහෝ දුරට මුහුණ අලංකාර කරගැනීමට සීමා වී ඇති බවයි. (ශරීරයේ සමටත් ඒ හා සමාන අවධානයක් යොමුකිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම අප සිටින පරිසරයට අනුව බොඩි ලෝෂන් වර්ග භාවිතා කිරීමත් ඉතාමත් වැදගත්. Vaseline Intensive Care Body Lotion දිනපතා භාවිතා කිරීම මගින් එක සමාන පැහැයෙන් යුත් සමක් ලබාගෙන ආත්ම විශ්වාසයත් වැඩි කරගන්න හැකි වේවි.) ජයතිලක මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.