සෞඛ්‍ය සම්පන්න ශක්තිමක් ශ්‍රී ලාංකික ජාතියක් යන දැක්ම සමඟින් තෙල් හා මේද කාණ්ඩයේ ශ්‍රී ලාංකීයව සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පාත්‍ර වූ සන්නාමයක් බවට පත්ව සිටින මරීනා* මේ වන විටත් සිය පාරිභෝගික ජනතාවගේ විශ්වාසය හා ප්‍රශන්සාව ඉහළින්ම දිනාගැනීමට සමත් වී තිබේ. උසස්ම තත්ත්වයේ ආහාර නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ස්වකීය අභිමතාර්ථය නිසාම අද වන විට දේශීය වෙළෙඳපොළෙහි ගෘහණියන්ගේ විශ්වාසය දිනාගත් එකම වෙළඳ සන්නාමය බවට පත්වීමට මරීනා සමත් වී ඇත.
සෑම මවක්ම තම දරුවන් ඇතුළුව සිය පවුලට හොඳම දේ ලබාදීමට නිරතුරුවම උත්සහ දරයි. එහිදි ආහාර තේරීමේදී සුවිශේෂි අවධානයක් යොමු කරනා ඇය, සැම විටම උත්සුක වනුයේ පෝෂණ ගුණයෙන් ඉහළ එමෙන්ම රසවත් බවෙන් ද පිරිපුන් ආහාර වේලක් පිළියෙල කරදීමටය. වර්තමානයේදී මෙම කාර්යය ඉතා දුෂ්කර හා අභියෝගාත්මක වන්නේ වෙළඳපොළේ තිබෙන සමහර ආහාර නිෂ්පාදන ශරීරයට අහිත කර අමුද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍යයයන් අඩංගු කර නිපදවා ඇති බැවිණි.
රසයෙන් ගුණයෙන් මෙන්ම සෞඛ්යාරක්ෂිත බවින් ද පිරිපුන් මේද තැවරුමක් හෙවත් ෆැට් ස්ප්‍රෙඩ් නිෂ්පාදනයක් ශ්‍රී ලාංකික ජනතාවට ලබාදීමේ අභියෝගය භාරගත් මරීනා ආයතනය අද වන විට අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදනයක් ඔබ වෙත ලබා දීමට සමත් වී ඇත. රසය, ගුණය සුරකිමින් අන්තර්ජාතික මට්ටමේ ඇසුරුමකින් යුතුව නව මුහුණුවරකින් මරීනා ස්ප්‍රෙඩ් ඔබ වෙත එන්නේ නැවුම් බව හා සෞඛ්යාරක්ෂිත බව සුරැකීමට ෆොයිල් ආවරණයක්ද සහිතවය. 100 පිරිසිදු එළවළු තෙල් පමණක් භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන මරීනා ස්ප්‍රෙඩ් විටමින් A,D,E සහ ඔමේගා 3 යන හොඳ මේද අම්ලයෙන් සමන්විත කර ඇත්තේ ඔබේ දරුවාට මෙන්ම පවුලේ සියලු දෙනාට අවශ්‍ය නිසි පෝෂණය ලබා දීමට හැකි පරිද්දෙනි.
සැබවින්ම දේශීය ආයතනයක් වන මරීනා ආයතනය මගින් තබා ඇති මෙම පියවර සෑමවිටම හොඳම දේ පමණක්ම සිය දරුවන්ට හා පවුල වෙනුවෙන් ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලාංකීය මව්වරුන්ට අස්වැසිල්ලක් වනු නොඅනුමානය. ජාතියේ හෙට දවස වෙනුවෙන් වඩාත් සෞඛ්‍යසම්පන්න වඩාත් විශ්වසනීය ආහාර නිෂ්පාදනය කිරීමේ මරීනා අභිප්‍රායට තුති පැසසුම් වශයෙන් වසර 2013 හා 2015 දී ස්ලිම් බ්‍රෑන්ඩ් එක්සලන්ස් සම්මානයෙන් පිදුම් ලැබු අතර තව දුරටත් නව නිෂ්පාදන ලබා දෙමින් ශ්‍රී ලාංකික ගෘහණියන් මරීනා සන්නාමය පිළිබඳව තබා ඇති ආදරය සහ විශ්වාසය ශක්තිමත් කිරීමට මරීනා ආයතයේ කළමනාකරණ අධ්‍යක්ෂක සහ කාර්යය මණ්ඩලය සැදීපැහැදී සිටී.