1996 දී සිදුවූ ආරම්භයේ සිට ශ‍්‍රී ලංකාවේ කුඩා ජලවිදුලි බලාගාර කර්මාන්තය සැලකිය යුතු ජයග‍්‍රහණ රුසක් අත්කර ගැනීමට සමත්වී ඇත. ගතවූ 20 වසර තුළ අරඹා ඇති ව්‍යාපෘති 169යෙන් මොගාවොට්ස් 337.77ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කෙරේ. ලෝක බැංකුව මෙම ව්‍යාපෘතිය හඳුන්වන්නේ මෙය මේ ආකාරයේ ඉතා සාර්ථක ව්‍යෘපෘතියක් ලෙසයි. එය ආසියාවේ සහ අප‍්‍රිකාවේ රටවලට ආදර්ශයක් සපයයි. මෙමගින් ශ‍්‍රී ලංකාව මෙරට තාක්‍ෂණය අපනයනය ස්ථාපිත කරගෙන ඇති ආකාරයක් තමන් දකින බව ලෝක බැංකුව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන ආයතනය” ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය පවසයි. මෙයට අමතරව මෙම කර්මාන්තය මගින් ජාතික පද්ධතියට එක්කරන විදුලිය නිසා රුපියල් කෝටි 1900ක විදේශ විනිමය ඉතිරියක් රටට ලබාදෙයි. තවද ඍජුව රැකියා අවස්ථා 4000ක් සහ වක‍්‍රව 5000ක් මෙමගින් උත්පාදනය කොට ඇත.
මෙම අංශයේ සිත්ඇඳගන්නා වර්ධනයට වැදගත් සාධක ගණනාවක් දායකවී ඇතැයි කුඩා ජලවිදුලි බලාගාර සංගමය විස්තර කරයි.
විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (සංවර්ධන) සුලක්‍ෂණ ජයවර්ධන මහතා සනාථ කළ පරිදි පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය සමස්ථයක් වශයෙන් ප‍්‍රවර්ධනය කිරීම පිණිස රජය පිරිවැය පාදක තාක්‍ෂණයට විශේෂිත තීරුබදු ක‍්‍රමය හදුන්වාදීමත් සමඟ අප රට බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ රජයේ ඉදිරිදැක්ම සාක්ෂාත් කරගැනීමට ඇති නිමිති හොඳින් පෙන්නුම් කරමින් ධාරිතාව කිහිපගුණයකින් වැඩිවී ඇත.