මෙරට තුළ ජංගම දුරකථන සේවාව ව්‍යාප්ත කිරිමේ පුරෝගමියෙක් වන නලින් පෙරේරා මහතා මොබිටෙල් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට ඉකුත් අප්‍රේල් 01 දා සිට පත්කොට ඇත. ජංගම දුරකථන ක්ෂේත්රය පිළිබඳ දශක තුනකට ආසන්න කාලයක වෘත්තීමය අත්දැකීම් ඇති ඔහු මොබිටෙල් ප්‍රධාන විධායක තනතුරට පත් වීමට පෙර මොබිටෙල් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස කටයුතු කර ඇති දක්ෂ පළපුරැදු නිලධාරියෙකි.
2001 වර්ෂයේදී මොබිටෙල් ආයතනය හා එක්ව ඇති නලින් පෙරේරා සාමාන්‍යාධිකාරි අලෙවි තනතුරින් මොබිටෙල් සමඟ ආරම්භ කිරීමෙන් අනතුරුව පිළිවෙළින් ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි අලෙවි සහ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි පාරිභෝගික ඇමතුම් යන තනතුරු හොබවමින් ක්‍රමිකව ආයතනික ධූරාවලියේ ඉහළට පැමිණීමට සමත් විය. කලක් මොබිටෙල් ප්‍රධාන අලෙවි නිලධාරි ලෙස කටයුතුකළ නලින් පෙරේරා මහතා ඉන් අනතුරුව තම වෘත්තීය ජීවිතයේ තවත් කඩඉමක් සටහන් කරමින් 2015 වර්ෂයේදී මොබිටෙල් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරෙහි වගකීම් භාරගෙන ඇත.
මෙරට තුළ පවත්නා ජංගම දුරකථන සේවා හා පහසුකම් සපයන ආයතන රුසක් අතරින් මොබිටෙල් නාමය වෙළදපොළ තුළ ප්‍රමුඛයා බවට පත් කිරීමට අවශ්‍ය තීරණාත්මක කාර්යභාර්යන් රුසක් ඉටු කිරීමත් ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු ලෙස ඔහු සතු අත්දැකීම් උපයෝගී කර ගනිමින් ආයතනික ප්‍රගතිය වෙනුවෙන් කරන ලද කැපකිරීමත් සැලකිල්ලට ගනිමින් මොබිටෙල් ආයතනයේ නායකත්වය ඒ මහතා වෙත පිරිනැමීමට මොබිටෙල් කළමනකාරිත්වය තීරණය කොට ඇත.
මිලිකොම් සමූහයට අනුබද්ධ සෙල්ටෙල් හා එක්වෙමින් ජංගම දුරකථන ක්ෂේත්රයට පිවිස ඇති නලින් පෙරේරා වෙළදපොළ සංවර්ධන විධායකයෙකු ලෙසත් අනතුරැව කෙටි කාලයක් තුළ වෙළද හා අලෙවි සාමාන්‍යාධිකාරි ලෙසත් ඉහළට පැමිණ ඇති අතර ඉන් අනතුරුව කලමනාකාරීත්වය විසින් පිලිපීනය හා කාම්බෝජය යන රටවල රාජකාරි කටයුතු සඳහාද ඒ මහතා පත්කොට යවා ඇත.
ඊට අමතරව මෙරට ජංගම දුරකථන ක්ෂේත්රයට පෙර ගෙවුම් සංකල්පය හඳුන්වා දෙමින් ක්ෂේත්රයේ පෙරළි කාර වෙනසක් සිදුකොට අති ඒ මහතා එමගින් ශ්‍රි ලංකාව තුළ ජංගම දුරකථන සේවාව සීග්‍ර වර්ධනයක් කරා රුගෙන යාමට පුරෝගාමි මෙහෙවරක් කළ පුද්ගලයෙකු බවටද පත් වී අත.