2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

අලුත් අවුරුද්දේ සම්පත් කාඩ් එක්ක අලුත් වෙන්න

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

සම්පත් බැංකුව වෙතින් මෙවරත් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවන් සම්පත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට වටිනා වාසි රැසක් හිමිකර දීමට සූදානම් කර ඇත. අවුරුදු සමයේ ගේදොර කලඑළි කිරීමටත්, විලාසිතා වෙනුවෙන් වැඩි වශයෙන් අවධානයක් යොමු කිරීමටත් පෙළඹෙන කාලවකවානුවක් නිසා ඒ වෙනුවෙන් ලැබෙන වට්ටම් පිළිබඳව පාරිභෝගිකයන් දක්වන්නේ විශේෂ සැලකිල්ලකි. මේ නිසාම එළඹෙන සිංහල - හින්දු අලුත් අවුරුද්දට සම්පත් බැංකු කාඩ්පත් හිමියන්ට හිතේ හැටියට සාප්පු සවාරි යන්නත් අවුරුද්ද ජයටම සමරන්නත් දැන් අවස්ථාවක් උදා වී තිබේ.

දිවයින පුරා විහිදී ඇති ප‍්‍රමුඛ පෙළේ වෙළඳසැල් 200කට වැඩි ප‍්‍රමාණයක් සමඟ අත්වැල් බැඳගනිමින් සම්පත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන්ම පිරිනමන මේ සුවිශේෂී වාසිය නිසා මේ උත්සව සමයේ ඔබට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, පාවහන්, ආභරණ, අවන්හල්, හෝටල්, විදුලි උපාංග, ගෘහ උපකරණ, ව්‍යායාම උපකරණ, ඇස්කණ්ණාඩි, පොත්පත්, ළදරු භාණ්ඩ හිතේ හැටියට මිලදී ගැනීමේ හැකියාව ඔබට ලැබේ.  එපමණක් නොව, සුපිරි වෙළඳසල් මෙන්ම අන්තර්ජාල ගනුදෙනු සඳහාත් මේ සුවිශේෂී වාසිය වලංගුය.

සම්පත් බැංකුවේ මාස්ටර්කාඩ්, වීසා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට, සම්පත් බැංකු ඇමරිකන් එක්ස්ප‍්‍රස් ක්‍රෙඩිට් කාඩ්පත් සාමාජිකයන්ට සහ සම්පත් වීසා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට තෝරාගත් කාල සීමාවක් තුළදී සිදුකරන ගනුදෙනු සඳහා 50ක් දක්වා වට්ටම් මේ යටතේ හිමිකර ගත හැක.