2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලයෙන් උත්සව සමයේදී අසමසම සේවාවක්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ අ‍ප්‍රේල් මස 1 වැනි දින සිට 14 වැනි දින දක්වා මහජන බැංකුවේ ATM යන්ත‍්‍ර ජාලයෙන් රුපියල් බිලියන 21.6 ක මුදල් ගනුදෙනු සිදුව ඇත. අ‍ප්‍රේල් 7 වැනි දින සෑම මිනිත්තුවකට වරක්ම ගනුදෙනු 300 ඉක්මවා සිදුවි තිබීම විශේෂත්වයකි.

දිවයින පුරා පිහිටා ඇති දිවා රාත්‍රී ක්‍රීයාත්මක මහජන බැංකුවේ 500 කට අධික ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය තුළින්  සහ ස්වයං බැංකුකරණ ඒකක මඟින් මෙම මුදල් ගනුදෙනු සිදුව ඇත.  මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ අගයකි.

පුරා පනස් පස් වසරක් මුළුල්ලේ ශ්‍රී ලාංකිය බැංකු ක්ෂේත‍්‍රයේ උනන්තිය උදෙසා පුරෝගාමී මෙහෙවරක නියැලෙන මහජන බැංකුව සිය ගනුදෙනුකරුවන්ට නවීන තාක්ෂණය සමඟ මුසුවූ පහසු, කාර්යක්ෂම බැංකු සේවාවක් පිරිනැමීමේ අරමුණින් ඩිජිටල් බැංකුකරණයට ප‍්‍රමුඛත්වය සපයයි. මෙහි එක් පියවරක් ලෙස මහජන බැංකුව හඳුන්වා දුන් ස්වයං බැංකුකරණ ඒකක තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ සහ බිල්පත් ගෙවිමේ පහසුකම් ඇති නවීන ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM), මුදල් තැන්පතු යන්ත‍්‍ර (CDM) සහ බිල්පත් ගෙවීමේ යන්ත‍්‍ර (Kiosk) වල සේවාවන් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම ඇගයීමට ලක්කරන SLIM Brand Excellence 2016 සම්මාන උළෙලේදි වසරේ විශිෂ්ටතම සේවා සන්නාමයට හිමි සම්මානය මහජන බැංකුවේ YES ගිණුමට හිමිවිය.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00