2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු සිහින දකින සිසුන් SLTC වෙත සාදරයෙන් පිළිගනියි

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

ශ‍්‍රී ලංකා ටෙලිකොම් අනුබද්ධිත ශ‍්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (SLTC) පසුගියදා තම සරසවියට නවක සිසුන් පිළිගැනීම සඳහා වූ සමාරම්භක උත්සවය පවත්වන ලදී. මහාචාර්ය ලක්ෂ්මන් වටවල, SLTC හි සභාපති රංජිත් ජී. රූබසිංහ, ශ‍්‍රී ලංකා ටෙලිකොම් PLC හි සභාපති කුමාරසිංහ සිරිසේන, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්.කේ.ජී.කේ. නම්මවත්ත, SLTC හි ආචාර්යවරුන් හා කාර්ය මණ්ඩලය ද, NDB බැංකුවේ ප‍්‍රාදේශීය අධ්‍යක්ෂක ඇතුළු සම්භාවනීය ආරාධිත රැසක්ද ඊට සහභාගී වූහ.

සමාරම්භක උළෙල අමතමින් අදහස් දැක්වූ රංජිත රූබසිංහ මහතා &SLTC යනු ඉගෙනුම ලබන සිසුන්ගේ සාමාන්‍ය විශ්වවිද්‍යාලයක් පමණක්ම නොව යහපත්, ගුණගරුක මිනිසුන් සමාජයට දායාද කරන ස්ථානයක් අපේ විශ්වවිද්‍යාලය වෙනස්. අපි දැනුම විතරක්ම බෙදා දෙන තැනක් නොවේ, සිසුන්ගේ ඉදිරි අනාගතය පවා කෙසේ විය යුතු දැයි පෙන්වා දෙන ස්ථානයක්. අපේ සිසුන් පන්ති කාමරයේ දැනුමට පමණක් සීමා නොවන සෑම අංශයකින් ම දස්කම් පෙන්වන කණ්ඩායමක්. මේ විදියට අපට ශාස්ත‍්‍රීය අධ්‍යාපනය වගේම ජීවන කුසලතා වර්ධනය මගින් සමාජයට වැඩදායී පුද්ගලයන් බිහිකරන්න පුළුවන් කම ලැබෙනවා” යැයි පවසා සිටියේය.

SLTC ආයතනය ලොව පිළිගත් විද්‍යාල කිහිපයක් සමගම අනුබද්ධ වී ඇත. එක්සත් රාජධානියේ වර්ගීකරණය අනුව පළමු 10 ය ඇතුළත සිටින ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලය,  ඕස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනය වන 
පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වන Deakin  විශ්ව විද්‍යාලය, ශ‍්‍රී ලංකා ආයතනයක් සමඟ සම්බන්ධ වූ ඉහළම වර්ගීකරණයක් සහිත Trinity College Dublin ආයතනය, අමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රමුඛ පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වන Texas Tech විශ්වවිද්‍යාලය, ඉංජිනේඇ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ලොව 19 වැනි ස්ථානය ලෙස වර්ගීකරණය කළ Georgia Institute of Technology ආයතනය ඒ අතර වේ. 

ශ‍්‍රී ලංකා ටෙලිකොම් PLC හි සභාපති කුමාරසිංහ සිරිසේන අදහස් දක්වමින් 

“2021 බිහිවන උපාධිධාරීන් කණ්ඩායම නවීන තාක්ෂණයෙන් යුතු ලෝකයකට මුහුණ දිය යුතුය.  2021 දී ශ‍්‍රී ලංකාව තාක්ෂණික විප්ලවයකට මුහුණ දෙනු ඇත. එවැනි අවස්ථාවක ජාතිය ඔබ වැනි විශිෂ්ට ඉංජිනේරුවන්ගේ සහය බලාපොරොත්තු වනු ඇත. එම අවස්ථාව ඔබේ සිහින සැබෑ වන මොහොතක් වනු ඇත. එමනිසා මහන්සි වී අධ්‍යාපන කටයුතු සිදු කර සාර්ථක අනාගතයකට මුහුණ දීමට සූදානම් වන්න යැයි පැවැසීය.

ජාතික සංවර්ධන බැංකුව (NDB) නිවේදනය කරන පරිදි අඩු පොලිය යටතේ වසර 8ක සිසු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත. සියලූම සිසුන්ට මෙම පහසුකම ලබා ගැනීමේ හැකියාව ඇති අතර මේ හරහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා දැරීමට වන බර පැන අවම කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00