2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

මහජන බැංකුවේ ATM යන්ත‍්‍රයක් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට

2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00130

මහජන බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයක් (''ATM'') විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා පරිශ‍්‍රයේදී පසුගියදා විවෘත කෙරිණි. මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුදල් ලබාගැනීමේ පහසුකම හිමිවේ.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි කේ.බී. රාජපක්ෂ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර, මූල්‍ය ප‍්‍රධානී ආර්.ඒ.වී. රණවීර, නියෝජ්‍ය ලේකම් රසික කරැණාරත්න, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ යන මහත්වරැන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහාය සේවා) ලලිත් විතාන යන මහත්ම මහත්මීන් ඇතුළු බැංකු නිලධාරීහු සහභාගි වූහ.

2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00