අනුරපුර ජයශී‍්‍ර මහා බෝධියේ උඩ මළුවේ සහ පහත මළුවේ සුදු වැලි ඇතිරීමේ උත්සවය අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලෙගම සිරිනිවාස නා හිමියන්ගේ ආශිර්වාදය සහ මඟ පෙන්වීම මත ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී. පෙරේරා මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ මහා කළමනාකරු ඩී.එම් ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි. බැංකුවේ උතුරු මැද පළාත් සහකාර මහා කළමනාකරු රංජිත් වැලිකන්නගේ මහතා සහ ඔහුගේ කණ්ඩායමෙහි සංවිධානත්වයෙන් සහ බැංකුවෙහි අනුග‍්‍රහයෙන් පැවැති මෙම බැතිබර සත්කාරයට ලංකා බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයෝද සහභාගි වූහ.
සෑම වසරකම බෞද්ධයන් දහස් ගණනින් ජයශී‍්‍ර මහා බෝධිය වන්දනාමාන කිරීමට පැමිණෙන අතර මෙම සත්කාරය හේතුවෙන් එසේ වන්දනාමාන කිරීමට පැමිණෙන්නන් හට සුපිරිසිදු පරිසරයක් සපයනු ඇත.