ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රිසොටයිල් සෙවිලි තහඩු නිෂ්පාදකයන්වන රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් වෙතින් රයිනෝ වෙළඳ සන්නාමය යටතේ නිෂ්පාදනය කරනු ලබන, වහල සෙවිලි කරනු ලබන රැලි තහඩු සහ සිවිලිං සඳහා නිෂ්පාදනය කරනු ලබන පැතලි සිවිලිං තහඩු සහ කලර්අප් සන්නාම නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් වර්ණ ගන්වන ලද වහල සෙවිලි කරනු ලබන රැලි තහඩු සඳහා 2017 ජුනි මස 1 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවාසී පාරිභෝගිකයින් සඳහා රයිනෝ කලර්අප් වාසනා රැල්ල 3 නමින් පාරිභෝගික තරගයක් පැවැත්වීමට සියලුම කටයුතු සංවිධානය කර ඇත.
මෙවර රයිනෝ කලර්අප් වාසනා රැල්ල 3 මගින් වැඩි පිරිසකට ත්‍යාගලාභින් වීමේ අවස්ථාව උදාකර ඇත. එනම් මිලියනපතියන් තිදෙනෙකු සහ රන්කාසි දිනාගැනීමේ අවස්ථා 50ක් මෙම පාරිභෝගිකයන්ට උදාවී තිබේ. මීට ඉහතදී පවත්වන ලද වාසනා රැල්ල තරග දෙකේදී ප්‍රධාන ත්‍යාග වශයෙන් මෝටර් කාර් රථ ප්රදානය කළත්, මෙවර අප ආයතනයේ අදහස වී ඇත්තේ මූල්‍යමය ත්‍යාග මගින් පාරිභෝගිකයන්ට තමන්ගේ නිවෙස්වල වැඩකටයුතු සාර්ථකව නිම කරගැනීමට මෙම මූල්‍යමය ත්‍යාග ඉතා අගනා බවයි.
මෙම තරගය සඳහා ඇතුළත්වීමට අවශ්‍ය වන්නේ රයිනෝ හෝ කලර්අප් භාණ්ඩ රු. 25,000කට වඩා මිලදී ගත් රිසිට්පත සමග තරග කූපනය නිවැරදිව පුරවා අප වෙත තැපැල් මගින් හෝ මෙම තරග කූපන එකතු කරන ස්ථානයකට භාර දීමයි. එමෙන්ම සෑම රුපියල් විසිපන්දහසකටම එක් කූපනය බැගින් කූපන් වැඩි වශයෙන් ඉදිරිපත් කිරීම මගින් ඔබට දිනුම් ඇදීමේ අවස්ථා වැඩි වශයෙන් උදාවන වගයි.
එමෙන්ම අප ඉතා ඕනෑකමින් අපගේ සියලුම වෙළඳ ප්‍රජාවගෙන් සහ වඩු කාර්මික ශිල්පීන්ගෙන්ද ඉල්ලා සිටින්නේ අපගේ භාණ්ඩවල තිබෙන උසස් නිමාවත්, ප්‍රමිතියත් එසේම අප ආයතනයේ සිත් ඇදගන්නා සුළු පාරිභෝගික සේවයත්, එසේම මෙම තරගය හරහා ඔවුන්ට මිලියනපතියන් වීමේ අවස්ථාව උදාවී ඇති බැවින් වැඩි වැඩියෙන් පාරිභෝගිකයන්ගේ සෙවිලි අවශ්‍යතාවන් සඳහා රයිනෝ කලර්අප් භාණ්ඩ හඳුන්වාදෙන ලෙසයි. මාණ්ඩලික අලෙවි කළමනාකරු ප්‍රියන්ත ජයසිංහ මහතා තවදුරටත් සඳහන් කළේ රයිනෝ ආයතනයේ මූඛ්‍ය පරමාර්ථය ඉතා හොඳින් භාණ්ඩ වෙළඳපොළ තරණය කරන අතරම පාරිභෝගිකයින් තව තවත් දිරිගැන්වීම බවයි.