2017 ජුනි 03 වන සෙනසුරාදා

එල්.බී. ෆිනෑන්ස් සායින්දමරුදු ශාඛාව නව පරිශ්‍රයකට

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

ශ්‍රී ලාංකික සහෘද පාරිභෝගික ජනතාවගේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයකදී වඩාත් සමීප සහ උසස් මූල්‍ය සේවාවක් නිරන්තර ලබා දෙන එල්.බී. ෆිනෑන්ස් සමාගම, පාරිභෝගික භවතුන්ගේ මූල්‍ය අභිවෘද්ධිය උදෙසා දීපව්‍යාප්තව ස්ථාපිත කළ තම ශාඛා ජාලය තව තවත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. ඒ වෙනුවෙන් තැබූ තවත් එක් පියවරක් ලෙස ජනාකීර්ණ සායින්දමරුදු නගරයේ පිහිටි තම ශාඛාව වඩාත් ආකර්ෂණීය ආයතනික වටපිටාවක් සමග සායින්දමරුදු නගරයේම නව පරිශ්‍රයකදී අභිනවයෙන් විවෘත කෙරුණි. 

මූල්‍ය ක්ෂේත්‍රයේ තම නාමය වඩා විශ්වසනීය ලෙස තහවුරැ කර ගත් එල්.බී. ෆිනෑන්ස් සමාගම පෙරටත් වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගෙන ඔවුන්ගේ සායින්දමරැදු ශාඛාව MPCS ගොඩනැගිල්ල, ප්‍රධාන වීදිය, සායින්දමරුදු යන නව පරිශ්‍රයේදී 2017 මාර්තු 29 වන බදාදා දින විවෘත කළ අතර, එය එල්.බී. ෆිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලන් පෙරේරා මහතා වසර 45ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන එල්.බී. ෆිනෑන්ස් සමාගම තම පාරිභෝගිකයා සමීපයට ගොස් පෙරටත් වඩා උසස් හා පහසු සේවාවක් සැපයීම සඳහා මෙම ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කළ අතර ලියාපදිංචි කළ නොකළ වාහන ලීසිං පහසුකම්, රන් ණය සේවාව, දේපළ ණය, ආන්තික ණය වැනි මූල්‍ය පහසුකම්, ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ස්ථාවර තැන්පතු හා ඉතුරැම් තැන්පතු වැනි ආයෝජන අවස්ථාද පිටරට සිට මුදල් එවීමේ Money Gram පහසුකම් හා සියලුම බිල්පත් ගෙවීමේ හැකියාව සායින්දමරුදු නගරයේ ජනතාවට උදාවනු ඇත.