ලංකා බැංකුව කොච්චිකඩේ ශාඛාව දැන් එහි නව පරිශ්‍රය වන කොච්චිකඩේ හලාවත පාරේ, අංක 18 යන ස්ථානයෙහි ස්ථාපිත කර ඇත. වත්මන් පරිශ්‍රය ගනුදෙනුකරුවන්ට වඩා ඉඩකඩ සහ පහසුකම් ඇති ස්ථානයකි. නව ස්ථානයක යළි ස්ථාපිත කරන ලද මෙම ශාඛාව ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.එම් ගුණසේකර, නියෝජ්‍ය මහා කළමනාකරු විකුණුම් හා හැසිරවුම් කළමනාකරණ සෙනරත් බංඩාර, නියෝජ්‍ය මහා කළමනාකරැ ශාඛා බැංකු කටයුතු කලාප -2 සී.අමරසිංහ, නියෝජ්‍ය මහා කළමනාකරැ ශාඛා බැංකු කටයුතු කලාප -1 ඩී.එම්.එල්.බී දසනායක, සහකාර මහා කළමනාකාරිණී බස්නාහිර පළාත ඩබ්.පී.බී රත්නායක මහත්ම මහත්මීන් සමඟ වෙනත් නිලධාරීහුද කොච්චිකඩේ ශාඛාවේ කාර්ය මණ්ඩලය මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගි වූහ.
මෙම ශාඛාව එය අයත් ප්‍රදේශයේ ගනුදෙනුකරැවන්ට ඉතා සැලකිය යුතු කාලයක් පුරා සේවා සලසමින් සිටියි. ලංකා බැංකුව කොච්චිකඩේ ශාඛාව ජංගම සහ දේශීය/විදේශීය මුදල් ඉතිරි කිරීමේ/ස්මාර්ට්ජෙන් ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්/ළමා හා ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම් සහ ඉතිරි කිරීමේ සැලසුම්, නිවාස හා පුද්ගලික ණය, කල්බදු හා උකස් පහසුකම් වැනි පුද්ගලික බැංකුකරණය ඇතුළත්ව පුළුල් බැංකු සේවා රුසක් ප්රදානය කරනු ඇත. එමෙන්ම ගනුදෙනුකරුවන්හට හර කාඞ්පත් හෝ ණයකාඞ්පත් ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍ය පරිමාණ මූල්‍ය ණය මෙන්ම ජාත්‍යන්තර මුදල් පැවරුම් / ප්‍රේෂණ සේවා ආදියද ලබාගත හැකිය. ලංකා බැංකු කොච්චිකඩේ ශාඛාව සතුව ATM යන්ත්‍රයක් සහ CDM යන්ත්‍රයක් ඇතුළත් පැය 24 පුරා ස්වයංසේවා සපයන ස්මාර්ට්සෝන් කලාපයකින් සමන්විත වන අතර ගනුදෙනුකරුවන්ට දවසේ ඕනෑම මොහොතක සුවපහසුවෙන් යුතුව ගනුදෙනු කිරීමට නිදහස ඇත. මෙම ශාඛාවන් සමග සුපිරි බැංකුකරණ සේවාවන් අත්විඳ ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව සමග තම ජයග්‍රහණයේ කතාව ගොඩනගා ගන්නා මෙන් බැංකුව කොච්චිකඩේ ප්‍රදේශවාසීන්ට ඇරයුම් කරයි.