මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්රමුඛතම සමාගමක් මෙන්ම ලොව ප්රමුඛ සන්නාම රැසක ශ්රී ලංකාවේ බෙදාහැරීම් නියෝජිතයා වන සිංගර් ශ්රී ලංකා පීඑල්සී, ශ්රී ලංකාවේ ප්රබල ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei සමඟ වන ව්යාපාරික සහයෝගීතාවයේ අති සාර්ථක පස්වන වසර සමරයි. සිංගර් සමාගම Huawei ස්මාර්ට්ෆෝන් සහ අනිකුත් උපාංග සඳහා මෙරට බෙදාහැරීම් නියෝජිතයා වෙයි.
වසර 2012 දී ඇරඹි සිංගර් සහ Huawei අතර වන ව්යාපාරික සබඳතාවය තුළින් අති සාර්ථක ලෙස Huawei ස්මාර්ට්ෆෝන් මෙරට පාරිභෝගිකයා අතරට ගෙනයන්නට සිංගර් සමාගම සමත් වූ අතර දිවයින පුරා විහිදුණු සිංගර් බෙදාහැරීම් ජාලය උපයෝගී කරගනිමින් Huawei ස්මාර්ට්ෆෝන් සහ උපාංග බෙදාහැරීමට සිංගර් සමාගම සමත් විය. එම අලෙවි ක්රියාන්විතය හේතුවෙන් වසර 2015 දී මෙරට ස්මාර්ට්ෆෝන් සන්නාම අතර 2 වන ස්ථානය හිමිකරගැනීමට Huawei සමත්විය. සිංගර් සමාගමේ ස්මාර්ට්ෆෝන් අලෙවිය සහ Huawei අතර වන සහයෝගීතාව හේතුවෙන් මෙරට ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයින්ගේ නොමඳ ආකර්ෂණය දිනා ගැනීමට Huawei සන්නාමය සමත් ව තිබේ.
Huawei සමාගම සමඟ වසර 5ක සබැඳියාව පිළිබඳව අදහස් දැක්වූ සිංගර් ශ්රී ලංකා සමාගමේ සමූහ ප්රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ Huawei සන්නාමය සමඟ පසුගිය වසර 5 තුළ සම්බන්ධ වී ඉතා කෙටි කාලයක් තුළ Huawei සන්නාමය මෙරට ප්රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත් කිරීමට ලැබීමත්, සිංගර් සමාගම මෙරට ප්රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු බවට පත් වීමත් පිළිබඳව ඉතා සතුටට පත්වන බවයි.
පාරිභෝගික විශ්වාසය තහවුරු කරගනිමින් සහ අලෙවි ක්රමෝපාය මැනවින් යොදාගනිමින් Huaweiමෙරට සිය ස්ථාවරත්වය තහවුරු කරගෙන ඇති අතර වසර 2016 දෙසැම්බර් මාසය වනවිට සිංගර් විසින් රුපියල් බිලියනයක සීමාව ඉක්මවමින් Huawei ස්මාර්ට්ෆෝන් අලෙවි කර තිබේ. එමෙන්ම මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පළ තුළ 30% ක ප්රතිශතයක් Huawei විසින් අත්පත් කර ගැනීමද සිංගර් Huawei සබඳතාවයේ ප්රතිඵලයකි. මෙම සබඳතාව ඔස්සේ වසර 2017 වන විට මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පළේ 50% ක ප්රතිශතයක් අත්පත් කර ගැනීම සිය මීළඟ ඉලක්කය බවට පත්කරගනිමින් Huawei මේ වනවිට කටයුතු කරයි.
Huawei සහ සිංගර් අතර මෙම සබැඳියාව පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්රී ලංකා සමාගමෙන් ලද දායකත්වයට සිය ස්තූතිය පිරිනැමූ Huawei ස්මාර්ට්ෆෝන් ශ්රී ලංකා ප්රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ අතර මෙරට පාරිභෝගික හදවත් පහසුවෙන් දිනා ගැනීමට Huawei සන්නාමයට හැකිවූයේ සිංගර් ශ්රී ලංකා සමාගම සමඟ වන සබඳතාව නිසා බවයි. ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් අතර ශ්රී ලංකාවේ වඩාත්ම ප්රසාදය දිනූ ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්වීමට Huawei ස්මාර්ට්ෆෝනයට හැකිවූයේ සිංගර් ශ්රී ලංකා සමාගම සතු පුළුල් වෙළඳ ජාලය නිසා බව ද හෙන්රි ලියු මහතා පෙන්වා දුන්නේය.
Huawei ස්මාර්ට්ෆෝන් සඳහා වරප්රසාද රැසක් පිරිනමමින් සිංගර් සමාගම දිවයින පුරා සෑම නගරයකම පාහේ පිහිටි ශාඛා ජාලය ඔස්සේ Huawei ස්මාර්ට්ෆෝන් බෙදාහරිනු ලබයි. මේ නිසා පාරිභෝගිකයාගේ සිතැඟියාව පරිදි අතේ ඇති මුදලට සරිලන .ස්මාර්ට්ෆෝනයක් මිලදී ගැනීමේ අවස්ථාව සිංගර් විසින් සලසා දී තිබේ මූලික