දශක 04 ක් පුරා වාසනාවේ විශ්වාසය රැක ගනිමින්, සිය ජාතික මෙහෙවර ඉටු කරමින් සිය ලොතරැයි පත් අලෙවිය හරහා පාරිභෝගික ජනතාවට හට ජයග්‍රහණ ලබාදීමට අමතරව, ජනාධිපති අරමුදල හරහා අසාධ්‍ය රෝගවලින් පෙළෙන හදවත් රෝගීන්ගේ සහ සංකීර්ණ සැත්කම් වෙනුවෙන් ප්‍රතිකාර සඳහාත්, මහපොළ උසස් ශිෂ්‍යත්ව අරමුදල පෝෂණය කිරීම සඳහාත්, අරමුදල් බැර කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වශයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය දායක වෙයි.
සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ රුපියල් විසිපන් ලක්ෂයේ, විසි ලක්ෂයේ හා දස ලක්ෂයේ ත්‍යාග දිනූ ජයග්‍රාහකයන් සඳහා චෙක්පත් ප්රදානය හා ලොතරැයි පත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්වරුන් මහත්මීන් සඳහා ද චෙක්පත් සහ සහතික පත් ප්රදානය කිරීම පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය සහභාගි වූ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහත්වරුද සහ ඉහළ කළමනාකාරීත්වය ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
මෙහිදී සංවර්ධන ලොතරැයි පත් අතරින් විසිපන් ලක්ෂයේ, විසි ලක්ෂයේ හා දස ලක්ෂයේ ජයග්‍රාහකයන් සඳහා පහත පරිදි චෙක්පත් ප්රදානය කෙරිණි.
විසිපන් ලක්ෂයේ ජයග්‍රහණ
සුපිරි ධන සම්පත ජයග්‍රාහකයන් 03, විසිපන් ලක්ෂයේ මුළු ජයග්‍රාහකයන් 03
විසි ලක්ෂයේ ජයග්‍රහණ
කප්රුක ජයග්‍රාහකයන් 08 , ශනිදා ජයග්‍රාහකයන් 05, අද කෝටිපති ජයග්‍රාහකයන් 08 , සුපර් බෝල් ජයග්‍රාහකයන් 02 , ජයෝදා ජයග්‍රාහකයන් 01 , විසි ලක්ෂයේ මුළු ජයග්‍රාහකයන් 24
දස ලක්ෂයේ ජයග්‍රහණ
ලග්න වාසනා ජයග්‍රාහකයන් 21, දස ලක්ෂයේ මුළු ජයග්‍රාහකයන් 21
ඒ අනුව සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයන් 48 දෙනකු අතර රු. 76,500,000.00 ක වටිනාකමකින් යුත් චෙක්පත් එදින බෙදා දෙනු ලැබීය.