2024 ජුනි 01 වන සෙනසුරාදා

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි බලකාය බලගැන්වීමේ වැඩසටහන

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 83

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරම්භ කර වසර 41 ක් ගතවන අවස්ථාවේ, 2023 සිය ව්‍යාපාරික ගමනේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කිරීමට මණ්ඩලය සමත්ව තිබේ. මෙතෙක් ළඟා කරගත් වාර්ෂික ඉහළම පිරිවැටුම වන රු. බිලියන 26.6 ක් හා ඒ තුළින් ජනිත වන ලාභය ලෙස රු. බිලියන 3.6ක් ජනාධිපති අරමුදලට හා මහපොළ උසස් අධ්‍යාපන අරමුදලට බැර කරමින් හා රජයට එම වර්ෂයේ සිදු කළ සම්පූර්ණ දායකත්වය ලෙස රු. බිලියන 5.1 ලබාදෙමින් සහ පාරිභෝගිකයන් වෙත තෑගි ලෙස රු. බිලියන 13.4ක්ද ලබාදෙමින් සිය ව්‍යාපාරික ගමන්මග එසේ වර්ණවත් කර ඇත.

එම වර්ණවත් කිරීම තුළ සිටින ප්‍රධානතම බලවේගයක් වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයන් සහ ඔවුන් යටතේ සේවය කරනු ලබන 20000 කට වැඩි අලෙවි බලකාය බලගැන්වීමත් 2024 වර්ෂයේදීද ඔවුන්ගේ කැපවීම තුළින් ඉහළ පිරිවැටුමක් ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ගයක් ලෙස සෑම දිස්ත්‍රික්කයක්ම මූලික කර ගනිමින් “අලෙවි පිළිසඳර” ලෙස වැඩසටහනක් නිර්මාණය කෙරේ. ගම් මට්ටමින් ඔවුන් හමුවෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩල සන්නාම පිළිබඳව දැනුවත් කිරීම, ත්‍යාග රටා පිළිබඳව දැනුවත් කිරීම, ඔවුන් විසින් සිදු කරනු ලබන සමාජ සත්කාරය පිළිබඳ ඔවුන්ට වැටහීමක් ලබාදීම සහ ඔවුන් ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරමින් බැංකු සමඟ ගනුදෙනු කිරීමට පෙළඹවීම තුළින් ඔවුන් සාර්ථක ව්‍යවසායකයන් බවට පත් කිරීම වෙනුවෙන් මෙම “අලෙවි පිළිසඳර” වැඩසටහන නිර්මාණය වෙයි. මෙම අවස්ථාව හා සම්බන්ධ වන අලෙවි සහායකවරුන් සඳහා රු. 1000/- මුදලක් තැන්පත් කරමින් රාජ්‍ය බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක්ද විවෘත කරනු ලබන බවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කරයි.

මෙහි සමාරම්භක උත්සවය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 04 කදී පසුගියදා අනුරාධපුරය, මිහින්තලය සහ ගල්නෑව යන ප්‍රදේශ මූලික කර ගනිමින් සිදු විය. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පත්කර ඇති අලෙවි නියෝජිතවරුන් 100ක් සහ ඔවුන් යටතේ ලොතරැයි මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ වී සිටින අලෙවි සහායකවරුන් 1000ක් පමණ සහභාගි වූහ.

ඉදිරි මාසවලදී මෙම වැඩසටහන දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක කරා රුගෙන යාමට හා ඒ තුළින් අලෙවි බලකාය ලෙස අලෙවි නියෝජිතවරුන් සහ ඔවුන් යටතේ සිටින අලෙවි සහායකවරුන් බලගැන්වීම සහ දිරිමත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය අපේක්ෂා කරන බව ප්‍රකාශ කරයි. 

 

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00