2024 ජුනි 08 වන සෙනසුරාදා

සංවර්ධන ලොතරැයි සුපිරි ජයග්‍රාහකයන් 81 කට චෙක්පත් ප්‍රදානය කරයි

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 145

දශක 04 ක් පුරා වාසනාවේ විශ්වාසය රුකගනිමින්, සිය ජාතික මෙහෙවර ඉටුකරමින් සිය ලොතරැයි පත් අලෙවිය හරහා පාරිභෝගික ජනතාව හට ජයග්‍රහණ ලබාදීමට අමතරව, ජනාධිපති අරමුදල හරහා අසාධ්‍ය රෝගවලින් පෙළෙන හදවත් රෝගීන්ගේ සහ සංකීර්ණ සැත්කම් වෙනුවෙන් ප්‍රතිකාර සඳහාත්, මහපොළ උසස් ශිෂ්‍යත්ව අරමුදල පෝෂණය කිරීම සඳහාත්, අරමුදල් බැර කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වශයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය දායක  වේ.

සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ රුපියල් ලක්ෂ විසිපහක් දිනූ, ලක්ෂ විස්සක් දිනූ හා ලක්ෂ දහයක් දිනූ ජයග්‍රාහකයන් සඳහා චෙක්පත් ප්‍රදානය හා ලොතරැයි පත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා ද චෙක්පත් සහ සහතික පත් ප්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පසුගියදා සිදු කරන ලදී. 

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ රෑපවාහිනී නිවේදක කැළුම් විජේසූරිය මහතා සහභාගී වූ අතර, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරිත්වයේ රුසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

මෙහිදී සංවර්ධන ලොතරැයි පත් අතරින්, සුපිරි ධන සම්පත සුපිරි ජයමල්ල වන රු. 32,430,256.00, ලග්න වාසනාවෙන් සුපිරි ජයමල්ල වන රු. 17,281,474.00, හා කප්රුක බක් මහ වාසි විශේෂ ත්‍යාගය වන රු. 6,000,000.00 දිනාගත් ජයග්‍රාහකයන් සඳහා චෙක්පත් ප්‍රදානය කරන ලදී.