2017 ජුලි 01 වන සෙනසුරාදා

සිංගර් නවතම ඇපික් 4K අල්ට්‍රා HD ස්මාර්ට් රූපවාහිනිය හඳුන්වාදෙයි

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

සිංගර් සමාගම සිය නවීනතම ඇපික් 4K අල්ට්‍රා HD ස්මාර්ට් රූපවාහිනිය ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට පසුගිය 22 වැනිදා ප්‍රථමවරට හඳුන්වා දුන්නේය. මෙම හඳුන්වා දීමේ අවස්ථාව සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක අසෝක පීරිස් මහතා සහ අලෙවි අධ්‍යක්ෂක කුමාර සමරසිංහ මහතා යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

නවතම තාක්ෂණයෙන් යුතු උසස් නිෂ්පාදන හඳුන්වා දීමේ මෙරට ප්‍රමුඛතම රූපවාහිනි සන්නාමයක් වන සිංගර් ප්‍රේක්ෂක අවශ්‍යතාවයට සරිලන විශේෂාංග රැසකින් සමන්විත නවීන තාක්ෂණයෙන් යුතු ඇපික් 4K අල්ට්‍රා HD ස්මාර්ට් රූපවාහිනිය පහසු මිලකට හඳුන්වා දුන්නේය. ඇපික් 4K අල්ට්‍රා HD ස්මාර්ට් රූපවාහිනි මාදිලිය ගෘහස්ථ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාව සමඟ කෙළින්ම සම්බන්ධ කළ හැකි අතර ඒ ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි ආකාරයට නිපදවා තිබේ. 

මේ හරහා ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ක්‍රීඩා රැසක් සමඟ සම්බන්ධ වීමට, චැට් පහසුකම්, සජීවී වීඩියෝ විසුරුවා හැරීම, වීඩියෝ ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකම් සහ කාලගුණ වාර්තා ලබාගැනීම ආදී පහසුකම් ද මෙම රූපවාහිනිය තුළින් සැලසෙයි. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යංශය 1වසර සිට 13 වසර දක්වා පාසල් විෂය නිර්දේශයට අනුකූලව පවත්වාගෙන යන අන්තර්ජාල ඉගෙනුම් ක්‍රමවේදයක් වන e-තක්සලාව හා සම්බන්ධවීමේ පහසුකම ඇපික් 4K අල්ට්‍රා HD ස්මාර්ට් රූපවාහිනය ඔස්සේ පාසල් ළමුන්ට හිමි වේ.

ඇපික් 4K අල්ට්‍රා HD ස්මාර්ට් රූපවාහිනිය විශාලත්වය අතින් අඟල් 49, 55, 60, 65, 75 යන ප්‍රමාණයන්ගෙන් මිලදීගත හැකිය. HDR මගින් වර්ණ සංයෝජනයේ අපූර්වත්වය මැනවින් අත්විඳිය හැකි මෙම රූපවාහිනිය මඟින් පැහැදිලි රූප නැරඹීමේ අවස්ථාව හිමි වෙයි. මෙම නවතම රූපවාහිනි මාදිලිය මගින් ගෘහස්ථ සිනමා අත්දැකීම විඳගත හැකිවන අතර Dolby Digital ශබ්ද පද්ධතියකින් මෙම රූපවාහිනිය සමන්විත වෙයි.

නවතම ඇපික් 4K අල්ට්‍රා HD ස්මාර්ට් රූපවාහිනිය රුපියල් 125,000/= සිට මිලදී ගත හැක. දිවයින පුරා සිංගර් මෙගා, සිංගර් ප්ලස් සහ සිසිල් වර්ල්ඩ් ස්ටෝර්ස් හිදි මෙම ඇපික් 4K අල්ට්‍රා HD ස්මාර්ට් රූපවාහිනය මිලදී ගැනීමට අවස්ථාව හිමි වෙයි. මීට අමතරව දිවයින පුරා පිහිටි 420කට අධික සිංගර් අලෙවිසල් වෙතින් ද මෙම රූපවාහිනිය මිලදී ගත හැක. විශේෂ හඳුන්වාදීමේ දීමනාවක් ලෙස මෙම රූපවාහිනියක් මිලදී ගැනීමේදී ඩයලොග් හා එක්ව බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවක් ද නොමිලේ පිරිනැමෙයි. වසර 03ක වගකීමක් සහිතව සහ අලෙවියෙන් පසු සේවා පහසුකම ද සිංගර් සමාගම සහතික කරයි.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ සෑම  අවස්ථාවකම තාක්ෂණයෙන් උසස්තම භාණ්ඩ සිය පාරිභෝගිකයා වෙත පිරින නමමින් පාරිභෝගික අත්දැකීම පුළුල් කිරීමට සමාගමක් වශයෙන් අප කටයුතු කර ඇති බවයි. නවතම  Singer Epic 4K Smart TV මඟින් විනෝදාස්වාදය පමණක් නොව අධ්‍යාපනයේ ද  විශේෂ  පරිච්ඡේදයක් සටහන් කරමින් පාරිභෝගිකයින් වෙත නවතම අත්දැකීමක් තිලිණ කිරීමට සිංගර් සමාගමට හැකිව ඇති බව ද හෙතෙම මෙහිදී පැවසීය.

සිංගර් සතු  දිවයින පුරා විහිදුණු  420 කට අධික අලෙවිසල් ජාලය සහ අලෙවියෙන් පසු සේවා ජාලය පාරිභෝගිකයන්ගේ කටයුතු වඩාත් පහසු කරවයි. මිලියන ගණනක් වූ සිය පාරිභෝගිකයන්ගේ දෛනික ජීවිතය සමඟ සම්බන්ධ වෙමින්  ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරලීමට උර දෙන සිංගර් ශ්‍රී ලංකා අධ්‍යාපන, ක්‍රීඩා, සෞඛ්‍ය ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය වැනි සමාජයීය ක්‍රියාකාරකම් රැසකින්ද මෙරට ජන ජීවිතය හා සම්බන්ධ වෙයි.

ෙස්යාරූ | සුමුදු ෙහ්වාපතිරණ

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00