2017 වසර සඳහා ද තවත් සුඛෝපභෝගී මොන්ටේරෝ රථ 12 ක් පිරිනැමිම වෙනුවෙන් මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි දිනුම් ඇදිමේ වැඩසටහන Mobitel සමාගම විසින් දිර්ඝ කරනු ලබයි.
2017 මැයි මාසය වන විට රුපියල් මිලියන 154ක් වටිනා ත්‍යාග පාරිභෝගිකයන් 90,605 කට පිරිනමා ඇත.
ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන මොබිටෙල් සමාගමේ මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි දිනුම් ඇදිමේ වැඩසටහන 2017 අප්‍රේල් සහ මැයි මාසවලදී එහි තිව්රතාවයේ උපරිමයට පැමිණ තිබු අතර පිරිනමන්නා වු ආකර්ෂනීය ත්‍යාග හේතුවෙන් ඒ සඳහා පාරිභෝගිකයන්ගේ විශාල සහභාගිත්ව වර්ධනයක් දැකගත හැකිවිය.
කුරුවිට චිත්‍රා කාන්තී හා පිළියන්දල රසිකා දිල්හානී පෙරේරා යන මහත්මීන් පිළිවෙළින් 2017 අප්‍රේල් හා මැයි මාසයන්වලදී මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි දිනුම් ඇදිමෙහි වාසනාවන්ත ජයග්‍රාහකයන් වී ඇති බව Mobitel සමාගම පසුගියදා ප්‍රකාශයට පත් කළේය.
2017 වසරේ ඉතිරි මාස 07 වෙනුවෙන් තවත් සුඛෝපබෝගී මොන්ටේරෝ රථ 07ක් Mobitel විසින් පිරිනැමිමට නියමිත අතර,ඒ සඳහා වන තරගකාරිත්වය නිසාවෙන් පාරිභෝගිකයන් අතර බලවත් උද්යෝගයක් මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි වැඩසටහන සම්බන්ධයෙන් නිර්මාණය වී තිබේ. මෙම වැඩසටහන යටතේ තෝරාගනු ලබන වාසනාවන්තයන් දොළොස්දෙනෙකුට, මාස්පතා සුඛෝපභෝගි මෝන්ටේරෝ රථය බැගින්, වසරේ මාස 12 තුළ පිරිනමනු ලබයි. ඊට අමතරව වාසනාවන්ත පාරිභෝගිකයන් 219000ක් වෙනුවෙන් රුපියල් 500 බැගින් වන මුදල් ත්‍යාග, වසර පුරා මේ යටතේ Mobitel පිරිනමයි. සමස්තයක් ලෙස, පොදුවේ ගත් විට 2017 වසර තුළ දී Mobitel වෙතින් පිරිනමන්නා වු රුපියල් මිලියන 350ක මුදල හිමිකරගැනීම සඳහා එහි පාරිභෝගිකයෝ සැදී පැහැදී සිටිති.
Mobitel පෙර ගෙවුම් පසුගෙවුම් හා බ්‍රෝඩ්බැන්ඩ් සම්බන්ධතාවන් සහිත පාරිභෝගිකයන් මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි දිනුම් ඇදීම සඳහා සුදුසුකම් සපුරන අතර සැම රුපියල් 50 ක් පමණ වටිනා ආපසු ගෙවිමකදි, රී ලෝඩ් කිරීමකදී හා පසු ගෙවීම් බිල්පත් ගෙවීමකදී ඊට ඇතුළත් විම සිදුවෙයි. දිනපතා මුදල් ත්‍යාග වලදී ජයග්රාහි පෙරගෙවුම් පාරිභෝගිකයන් හට ඊට සමාන වටිනාකමක් සහිත කථාකිරිමේ කාලයක් හිමිවන අතර පසු ගෙවුම් පාරිභෝගිකයන් හට තම පසු ගෙවුම් බිල්පත සඳහා වන වට්ටමක් ලෙස ත්‍යාගය හිමිවෙයි.
මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි ජයග්‍රාහකයන් පිළිබඳ විස්තර දැනුම්දීම් Mobitel හි ක්ෂණික පාරිභෝගික සේවා දුරකථන අංකය වන 0712755777න් හා තැපැල් මාර්ග ඔස්සේ ලිපියකින් පමණක් සිදුකරනු ලබයි. ජයග්‍රහණය කරණු ඕනෑම ත්‍යාගයක් වෙනුවෙන් පාරිභෝගිකයන්ගෙන් කිසිදු අමතර ගාස්තුවක් අයකර නොගැනීම මෙහි ඇති විශේෂත්වයයි.