2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

එල්. බී ෆිනෑන්ස් දියත් කරන අ.පො.ස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව අඛණ්ඩව 5 වන වරටත්

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

දැයේ දූ දරුවන්ගේ නැණස පාදනු වස් සෑම වසරක් පාසාම එල්. බී ෆිනෑන්ස් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ අධ්‍යාපන සංවර්ධනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රටේ සැමටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය හොඳින් වටහා ගත් අපි, පහසුකම් නොලබන අධ්‍යාපනික සම්පත් සීමිත ස්ථානයක් තෝරා ගනිමින් ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍ෂේත්‍රය ඉහළ තලයකට නංවාලීම අපගේ වගකීමක් කොට සළකන්නෙමු.

ආයතනික සමාජ වගකීම මැනවින් වටහාගත් අප, කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යා සංගමය සමග එක්ව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අරමුණු කර ගනිමින් රටේ පහසුකම් අඩු ස්ථානයන් හඳුනාගෙන සම්මන්ත්‍රණ මාලාවක් 2013 සිට මේ වන විට ක්‍රියාවට නංවා ඇත.

ගණිත හා විද්‍යා විෂයන් ආවරණය වන  පරිදි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය කේන්ද්‍ර කොට ගත් විෂය කරුණු, කෙටි ක්‍රම, විභාග රහස් සහ විභාගයට මුහුණ දිය යුතු ආකාරයන් මෙම සම්මන්ත්‍රණ මාලාව තුලින් අප ශ්‍රී ලාංකික ශිෂ්‍ය/ශිෂ්‍යාවන් වෙත ලබා දෙන්නෙමු.

සම්මන්ත්‍රණ මාලාවන් පිළිබදව අදහස් දක්වමින් එල්.බී. ෆිනෑන්ස්හි කළමනාකරණ අධ්‍යක්‍ෂ සුමිත් ආදිහෙට්ටි මහතා මෙසේ පවසමින් සිටියේය. අ.පො.ස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව අපගේ සමාජ සත්කාර රාමුවේ සුවිශේෂී අංගයක්. අප මෙමගින් ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ විෂය දැනුම ඉහළ නැංවීම පමණක් අරමුණු කොටගෙන නැහැ. ඔවුන් ඉදිරි අනාගත අභියෝගයන්ට මුහුණ දීමට ශක්තියක් ලබා දෙනවා. එමෙන්ම ඔවුන් සතු කුසලතා ඔප් නංවමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටයන් බවට පත් කිරීමට ශක්තිය ලබා දෙනවා.

එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලීයේ  විද්‍යා සංගමයේ සභාපති චින්තක අමරසිංහ මෙසේ අදහස් දැක්විය. අපි පසුගිය වසර පුරාවට එල්. බී ෆිනෑන්ස් සමග අත්වැල් බැඳගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නේ විශාල සතුටකින්, අප සතු දැනුම නොඅඩුව ඔවුන් වෙත ලබා දෙමින් ඔවුන් විශිෂ්ටයන් බවට පත් කිරීම අපගේ මූලික පරමාර්ථයයි.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00