2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ලංකා බැංකු කණ්ඩායම අන්තර් බැංකු වෙළෙඳ ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහනේදී Trade Round Champions බවට පත්ව

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

බැංකුකරුවන්ගේ වෙළෙඳ මූල්‍ය සංගමය (TFAB) විසින් සංවිධානය කරන ලද අන්තර් බැංකු වෙළෙඳ ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහනේදී ලංකා බැංකු one time award for the Anniversary දිනාගනිමින් ට්‍රේඩ් රවුන්ඩ් හිදී ශූරතාව දිනාගත් අතර ජය සංකේතය සඳහා දෙවැනි ස්ථානයද හිමිකර ගත්තේය. 20 වැනි වාර්ෂික අන්තර් බැංකු ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් කිංග්ස්බරි හෝටලයේදී මෑතකදී පැවැත්විණි. සෑම වර්ෂයකම මෙම අන්තර් බැංකු ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන මෙම ආකර්ෂණීය ජය සංකේතය දිනාගැනීමට උනන්දුවක් දක්වන වෙළෙඳ මූල්‍ය සංගමයේ සාමාජික බැංකුවල දක්ෂතා සපිරි කණ්ඩායම් රැසක් ආකර්ෂණය කර ගනියි.

මෙවරද මෙම ජය සංකේතය සඳහා කණ්ඩායම් 26ක් තරග කිරීමෙන් මෙම තරගය තීව‍්‍ර විය. ලංකා බැංකු C කණ්ඩායමට ධනුෂ්ක සුමතිරත්න කණ්ඩායම් නායක ලෙස සහභාගී වූ අතර කෞෂල්‍යා වන්නිආරච්චි, සචිත් ගුරුගමගේ, සුපුන් ලියනගේ සහ චතුර අතුකෝරළ අනෙකුත් සාමාජිකයෝ වූහ.

ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ISO 9001-2008 සහතිකයෙන් බැංකු අංශයෙන් ප‍්‍රථම වතාවට පිදුම් ලැබුවේ BOC ට්‍රේඩ් සර්විසස් අංශයයි. ලංකා බැංකුව වර්තමානයේ වෙළෙඳ සේවාව වෙළෙඳපොළ ප‍්‍රමුඛයාවේ.

රටේ ආර්ථිකය නගා සිටුවන අතරම සියලු තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්හට ඔවුන්ගේ ජීවිත ගොඩනගාගන්නට සේවය සලසමින් තමන්ව මූල්‍යමය වශයෙන් ස්ථාවර කර ගනිමින් වසර 78කට වැඩි අත් දැකීම් සමග ශ්‍රී ලාංකික බැංකුකරණ කර්මාන්තයේ පෙරමුණ ගනිමින් ලංකා බැංකුව දිවයිනේ වඩාත් ස්ථාවර සහ විශ්වසනීය බැංකුව බවට පත් වී ඇත. ද බෑන්කර් (UK)සඟරාව ලැයිස්තු ගත කර ඇති ආකාරයට ලංකා බැංකුව ලෝකයේ ඉහළම පෙළේ බැංකු 1000 අතරින් එකක් ලෙස විශ්ව කීර්තියට පත්ව ඇත. ලංකා බැංකුව 2015 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ප‍්‍රදාන (NBEA) උළලේ දී තවත් ජයග‍්‍රාහී සම්මාන 5ක් සමග සමස්ත රන් සම්මානය දිනාගත්තේය. 

ඉන්දියාවේ මුම්බායිහි මූලස්ථානය පිහිටා ඇති ප‍්‍රධාන අලෙවි නිලධාරීන්ගේ මණ්ඩලය (CMO Council) විසින් 2013 ආසියාවේ හොදම සන්නම් නාමයන්ගෙන් එකක් ලෙස බැංකුව සම්මානය හිමිකර ගත්තේය.  බ‍්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා විසින් ශ්‍රී ලාංකාවේ අංක 1 සන්නම් නාමය ලෙස ලංකා බැංකුව පසුගිය වසර අට පුරා අඛණ්ඩව ශ්‍රේණිගත කර ඇත. බැංකුව මෑත අතීතයේදී රු. ට්‍රිලියන 1.5 ක වත්කම් සහ ට්‍රිලියන එකකට වැඩි තැන්පතු සතුකර ගැනීම වැනි සුවිශේෂ සන්ධිස්ථාන රුසක් පසුකර ඇත. 

බැංකුවේ ජයග‍්‍රහණයක් වෙත අවධානය යොමු කර ෆීච් රේටින් ලංකා ආයතනය විසින් ලංකා බැංකුව AA+(lka)ලෙස ශ්‍රේණිගත කර ඇති අතර එය දේශීය වාණිජ බැංකුවකට ප‍්‍රදානය කර ලද ඉහළම ශ්‍රේණිගත කිරීම වේ.  ICRA (lk) විසින් බැංකුවට ඉහළම ණය තත්ත්ව ශ්‍රේණිගත කිරීම වන AAA ශ්‍රේණිගත කිරීමද ප‍්‍රදානය කර ඇත. සහතිකලත් කළමනාකරණ ශ්‍රී ලංකා ගණකාධිකරුවන්ගේ ආයතනය විසින් පවත්වන ලද ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී රජයට අයත් ව්‍යාපාර කාණ්ඩය යටතේ 2015 වාර්ෂික වාර්තාව සඳහා ලංකා බැංකුව කුසලතා සම්මානයක් දිනා ගත්තේය. එතෙර ශාඛාවන් තුනක් ද ලන්ඩන්හි උප සමාගමක්ද සහිතව ලංකා බැංකුව සිය අන්තර්ජාතික පැවැත්ම තහවුරු කරගෙන ඇත.