පනස් හය වසරක මහජන බැංකු ඉතිහාසයේ සුවිශේෂි මං සලකුණක් සටහන් කරමින් මහජන බැංකුවේ 100 වන ස්වයං බැංකුකරණ ඒකකය ත්‍රිකුණාමල ප්‍රාදේශිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදි පසුගියදා විවෘත කෙරිණි.
මෙම ස්වයං බැංකුකරණ ඒකකය, (Self Banking unit) ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර දෙකකින් (ATM) මුදල් තැන්පතු යන්ත්‍රයකින් (CDM) සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍රයකින් (Kiosk) සමන්විතය. මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුළු වසර පුරාම වඩාත් පහසු, සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.
එමෙන්ම මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් ත්‍රිකුණාමලය මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී මෙදින විවෘත කෙරිණි.
ත්‍රිකුණාමල ස්වයං බැංකුකරණ ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු සහය සේවා) මහින්ද ෙප්ර්මනාත්, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරන සහ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර මෙහෙයුම්) ක්‍රිෂාන්ත ගුණරත්න, ත්‍රිකුණාමල ප්‍රාදේශිය කළමනාකාර ආර්. රවිකරන්, ත්‍රිකුණාමල ශාඛා කළමනාකාර එන්. ප්‍රේම්කුමාර් යන මහත්වරුන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය, රජයේ නිලධාරින් සහ ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.
මහජන බැංකුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමගාමීව ගනුදෙනුකාර ජනතාව වෙත අසීමාන්තික පහසුවකින් පිරිපුන් බැංකු සේවාවන් ලබාදීමේ අරමුණින් හඳුන්වාදුන් මෙම ස්වයං බැංකුකරණ ඒකකයන්හි පළමු ඒකකය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මහජන බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ස්ථාපිත කරන ලදි. එතැන් සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් ස්වයං බැංකුකරණ ඒකක පිහිටවූ අතර, ඉදිරියේදි අනෙකුත් ප්රදේශයන්ද ආවරණය වන පරිදි වේගවත්ව මෙම පහසුකම තවදුරටත් ව්‍යාප්ත කිරීම මහජන බැංකුවේ අරමුණයි.
මහජන බැංකුවේ 100 වන ස්වයං බැංකුකරණ ඒකකය ත්‍රිකුණාමල ප්‍රාදේශිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදි විවෘත කළ අයුරු සහ එහි මුදල් තැන්පතු යන්ත්‍රයෙන් පළමු ගනුදෙනුව සිදුකළ අයුරු.