2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට වඩා වැදගත් ඇස්බැස්ටෝස් තහනම පමණක්ද?

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:11 96

ශ්‍රී ලංකාවේ එක එක කාලයට එක එක දේවල් තහනම් කරනු ලැබේ. අලුතින් තහනමට ලක් වීමට නියමිතව ඇත්තේ ඇස්බැස්ටස් සිමෙන්ති සෙවිලි තහඩුය. එය වර්ෂ 2018 වැනි විට ආනයනය සහ නිෂ්පාදනය සම්පූර්ණයෙන් නවත්වා වර්ෂ 2024 වන විට භාවිතයෙන් ඉවත් කිරීමට ශී‍්‍ර ලංකා රජයේ කැබිනට් තීරණ දැනුම් දීමක් ලෙස මේවන විට තීරණය කර තිබේ. 

මෙරට සාමාන්‍ය ජනතාවට වහල සෙවිළි කිරීම සඳහා ඇත්තේ විකල්ප දෙකක් නැත්නම් තුනකි. උඵ, ඇස්බැස්ටස් සිමෙන්ති සෙවිලි තහඩු හෝ ටකරන් ඒ අතර වේ. මේ අතරින් සාමාන්‍ය ජනයාට දරාගත හැකි එකම විකල්පය ඇස්බැස්ටස් සිමෙන්ති සෙවිලි තහඩුය. මන්ද නිවස ගොඩ නැගීමට වැලි, ගඩොල් හා සිමෙන්ති සපයාගෙන බිත්ති බැද දොර උඵවහු තබා ඉවර වනවිට අතේ ඉතිරි වන්නේ සොච්චම් මුදලකි. ඇස්බැස්ටස් සිමෙන්ති සෙවිලි තහඩු සෙවිලි කිරීම සඳහා අවශ්‍ය වන්නේ පරාල බාල්ක අඩු ප‍්‍රමාණයක් වීම අඩු මුදලත් වැයවීමට තවත් හේතුවකි. මෙම තත්ත්වය යටතේ ඇස්බැස්ටස් තහනම එම කර්මාන්තයේ නිරතවන ශ‍්‍රමිකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද එකසේ බලපානු ලැබේ.

මෙම තත්ත්වය පිළිබඳව සාකච්චා කිරීම සඳහා ජාතික වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් පසුගියදා කොළඹ දී පැවැත්විණි. දේශපාලන අධිකාරිය, කර්මාන්තකරුවන්, සෞඛ්‍ය අංශයේ විශේෂඥයන්, විවිධ අංශවල විශේෂඥයන් සහ කම්කරු නියෝජිතයන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. 

මෙහි දී මතු වූ ප‍්‍රධාන කරුණ වූයේ සෞඛ්‍යයට අහිතකර නිසා ඇස්බැස්ටස් තහනම් කිරීමට පියවර ගෙන තිබෙන බවය. මෙහිදී අදහස් දැක්වූ කම්කරැ සෞඛ්‍ය පිළිබද වෘත්තීමය සෞඛ්‍ය පිළිබඳ කම්කරු කොමසාරිස් වෛද්‍ය වජිර පලිපාන මහතා ප‍්‍රකාශ කළේ පෙනහඵ පිළිකා සඳහා එකම හේතුව ක්‍රිෙසා්ටයිල් ඇස්බැස්ටස් නොවන බවය. අන් සියඵදේ සේම එයත් එක් හේතුවක් විය හැකි බව පමණි. ඇස්බැස්ටෝසිස් රෝගය නිසා මිනිසා මරණයට පත්කළ නොහැකි බවද ඒ මහතා කීවේය.

මෙම ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් ගතහැකි හොඳම පිළියම ඇස්බැස්ටස් භාවිතයෙන් ඉවත් කිරීමේදී එය ආරක්ෂිතව සහ සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරීම සමඟ ඒ සදහා නීති සංග‍්‍රහයක් සකස් කිරීම බවද ඒ මහතා කීවේය. 

ක්‍රිෙසා්ටයිල් සිමෙන්ති සෙවිලි තහඩු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එලඹීමට ප‍්‍රථම, ඇස්බැස්ටස් තහනමට ලක්කළ අනිකුත් රටවල් මෙන් මේ සඳහා යම් කාලයක් එනම් අවුරුදු දහයක පමණ කාලයක් ලබාදීම සුදුසු බව මෙහිදී ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ සංගමය මෙහිදී ප‍්‍රකාශ කළේය. තවද වෙනත් විකල්පයක් යෝජනා නොකරමින් ඇස්බැස්ටස් තහනමට ලක්කිරීම සුදුසු නොවන බවද ඔවුහු මෙහිදී දැඩිව අවධාරණය කළේය.
තම සේවකයන් වසරක් පාසා වෛද්‍ය පරීක්ෂාවට ලක්කරන අතර ඔවුන් අතරින් කිසිදු රෝගයක් වාර්තා නොවන බවත් තමන් පවා ජීවත් වන්නේ ඇස්බැස්ටස් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදන කර්මාන්තශාලාව ආශි‍්‍රත නිල නිවාසයන්හි බවද එසේ වුවත් තමන් ඉතා නිරෝගී බවත් ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජිකයෙක් මෙහිදී කීවේය.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00