සන්හිල් ව්‍යාපාර සමූහය 2017 ජනවාරි 16 වැනිදා සිය 25 වැනි සංවත්සරය සමරයි. වර්ෂ 1992 ජනවාරි 16 වැනිදා සිය ව්‍යාපාර කටයුතු ඇරැඹු සන්හිල් ව්‍යාපාර සමූහය 2017 වසරේ ජනවාරි 16 වැනිදාට යෙදී ඇති සිය 25 වැනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
1992 වසරේ නුවර එළියේදී කාමර 20කින් යුත් සන්හිල් හෝටලය ආරම්භ කරමින් සිය ව්‍යාපාර සමූහයේ මූලාරම්භය සනිටුහන් කළ සන්හිල් සමූහය එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක දේශමාන්‍ය සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ නායකත්වය හා මඟ පෙන්වීම යටතේ මේ වනවිට හෝටල් හයක් දක්වා වැඩිදියුණු කර තිබේ. එම හෝටල් නුවරඑළිය, කටුනායක, කොල්ලුපිටිය, බොල්ගොඩ, ගල්කිස්ස සහ පාසිකුඩා ප්‍රදේශවල පිහිටා තිබේ.
මීට අමතරව සන්හිල් ව්‍යාපාර සමූහය වාහන, දේපළ වෙළෙඳාම් ඇතුළු ශ්‍රී ලංකා පුරා විසිරුණු ව්‍යාපාර 19ක් දක්වා ව්‍යාප්ත කර ඇත. එමෙන්ම සන්හිල් සමූහය ඩුබායි දක්වාද සිය ව්‍යාපාර සමූහය මේ වසරේදී අභ්‍යන්තර ගුවන් සේවා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.
සිය ව්‍යාපාර සමූහයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් සේවක ඇගයිම්, සමරු තිළිණ හා විශේෂ ත්‍යාග තම සේවක මණ්ඩලය පිරිනැමීමට දේශමාන්‍ය සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා මහතා කටයුතු කර ඇති අතර සිය ව්‍යාපාරවල වසර 15කට වැඩි සේවා කායලයක් සම්පූර්ණ කළ සේවක සේවිකාවන් සඳහා නිවාස සහ ඉඩම් ලබාදීමට කටයුතු කිරීම සුවිශේෂී වේ.
තම ව්‍යාපාර සමූහයට වසර 25ක් පිරීම නිමිත්තෙන් සන්හිල් ව්‍යාපාර සමූහයේ සභාපති කළමනාකාර අධ්යක්ෂ දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා අදහස් දක්වමින්,
මට වයස අවුරුදු 17දී ආරම්භ කළ සන්හිල් ව්‍යාපාර සමූහයට වසර 25ක් සම්පුර්ණ වෙනවා. නුවරඑළියෙන් කොළඹ ඇවිත් ටික කාලයක් වැඩ කරගෙන ගිහින් ඉන් පසු ජපානයට ගොස් වැඩ කරලා සල්ලි ටිකක් සොයාගෙන ඇවිත් අවුරුදු 20දී කාමර 20ක හෝටලයක් නුවර එළියේ ආරම්භ කළා. ඒ 1992 ජනවාරි 16 වැනිදා. ඒ ආපු ගමන තමයි මේ. එම ගමනේ කටුක අත්දැකීම් වගේම සුන්දර අත්දැකීමුත් තියෙනවා යැයි කියා සිටියේය..