2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

එල්.බී. ෆීනෑන්ස් ශ‍්‍රී ලංකාවේ දෘෂ්‍යාබාධිත ශිෂ්‍ය අධ්‍යාපනයට පූර්ණ අතහිත දෙයි

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

ශ‍්‍රී ලංකාවේ  දෘෂ්‍යාබාධිත ප‍්‍රාථමික සිසුන් 130 කට අධික සංඛ්‍යාවකගේ ජීවිත ඔප්නංවා, වඩ වඩාත් ආලෝකමත් කිරීම සඳහා අවැසි නවීන උපකරණ තොගයක්, ශ‍්‍රී ලංකාවේ දැවැන්තම මූල්‍ය සමාගමක් වන එල් බී ෆීනෑන්ස් හි (L B Finance) පූර්ණ මූල්‍ය දායකත්වය මත නොබෝදා ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයන්ගේ සම්මේලන කාර්යාල පරිශ‍්‍රයේදී ඉතා සාර්ථකව සහ උත්සවශ‍්‍රීයෙන් බෙදාදෙන ලදී

ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයන්ගේ සම්මේලනය (SLFVH) හා එක්වී එල් බී ෆීනෑන්ස් සමාගම මගින් දෘෂ්‍යාබාධිත පාසල් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා අත්‍යාවශ්‍ය කරන අධ්‍යාපන උපකාරක උපකරණ, විශේෂයෙන් ඔවුනගේ ලිවීමේ සහ කියවීමේ හැකියාවට අත්‍යාවශ්‍ය කරන ආධාරක වන ස්ලේට්ස් (Slates), ස්ටයිලස් (Stylus), බ්‍රේල් (Braile) කඩදාසි සහ කතා කරන අත් ඔරලෝසු (Talking Watches) පරිත්‍යාග කොට ඇත. මෙමගින් බ්‍රේල් මාධ්‍ය පිළිබද ඔවුනගේ අධ්‍යාපනික දැනුම ඉහළ නැංවීමට සමාගම අපේක්ෂා කරන අතර එහි මූලික පියවරක් වශයෙන් රජයේ සහ අනෙකුත් විශේෂිත පාසැල් හි 1 සිට 5 වන ශ්‍රේණි අතර ඉගෙනුම ලබන ප‍්‍රාථමික සිසුන් 130 ක් තෝරා ගනු ලැබ තිබේ.

(අපගේ මෙම ව්‍යාපෘතියේ මූලිකතම අරමුණ සහ අභිප‍්‍රාය වන්නේ ඔවුනට බ්‍රේල් මාධ්‍යයෙන් ලිවීමට සහ කියවීමට පහසුකම් සපයා එමගින් ඔවුනගේ ලිවිමේ සහ කියවීමේ චර්යාවන් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන හැකියාව සහ දැනුම වර්ධනය කිරීමයි. ඒ වගේම සම්මන්ත‍්‍රණ වලදි, දේශනවලදී සහ අනෙකුත් විවිධ උත්සව අවස්ථාවන්හිදී තමනට අවශ්‍ය කරන වැදගත් කරැණු කාරණා බ්‍රේල් උපකරණ භාවිතයෙන් සටහන් කර ගැනීමටත් අප ඔවුන්ව උනන්දු කරවනවා. එසේම මෙමගින් ස්වකීය උසස් අධ්‍යපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යමින් සමාජයේ වගකිව යුතු කොටස් කරුවෙකු කිරීමටත්, රැකී රක්ෂා වෙළෙදපොළේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ස්වකීය හැකියාවන් සහ කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීමටත්, ස්ව ආරක්ෂාව, ආත්ම අභිමානයෙන් ජිවත් වීමට අවකාශයත්, ඔවුන් විසින් ලබා ගන්නා වු මෙම දැනුම තම සහෘද දෘෂ්‍යාබාධිතයන් සමඟ බෙදා හාදා ගැනීමටත් ඔවුන්ව පෙළඹවීමට අපගේ අනෙකුත් අරමුණු වෙනවා.” යනුවෙන් SLFVH හි ලේකම් චමීර පුබුදු පවසයි. 

එල්.බී ෆීනෑන්ස් හි මෙම නවතම සත්කාර පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ආදිහෙට්ටි පවසා සිටියේ සමාගමේ මෙම මහඟු සමාජ සත්කාරක වැඩ සටහන දියත් කරනු ලැබුවේ දෘෂ්‍යාබාධිත සිසුන්ගේ හැකියා සහ කුසලතාවයන් ඔප්නැංවීමටත් මෙමගින් ශ‍්‍රි ලංකා දෘෂ්‍යාබාධිත ප‍්‍රාථමික අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගුණාත්මක ප‍්‍රමිතීන් වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීමටත් බව ප‍්‍රකාශ කළේය. “සාමාන්‍ය සහ සාම්ප‍්‍රදායික ව්‍යාපාරික සීමා රාමුවෙන් පිටතට ගොස් එල් බී ෆීනෑන්ස් විසින් මෙම මහගු කර්තව්‍යයට දායක වීම මගින් අප මූල්‍ය සමාගම ශ‍්‍රී ලංකාද්වීපයේ දියුණුවට සහ ඌන්නතියට අපගේ කාලීන කැපවීම මනාව විදහා පානවා.” යනුවෙන් ආදිහෙට්ටි මහතා වැඩිදුරටත් පැවසීය.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00