2017 SLIM විශිෂ්ටතා සන්නාම සම්මාන උළෙලේ දී වසරේ සේවා සන්නාමයට හිමි රන් සම්මානය Mobitel හිමිකර ගනිමින්.
විශිෂ්ටත්වය පිළිබඳ වන සිය ගමන් මඟ යළිදු වතාවක් මනාව සනාථකරමින් නොවැම්බර් 20 දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැති SLIM විශිෂ්ටතා සන්නාම සම්මාන උළෙලේ දී කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සම්මාන රැසක් හිමි කරගැනුමට ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරු වන Mobitel සමත් විය. එහිදී “වසරේ සේවා සන්නාමය” ට හිමි රන් සම්මානය Mobitel හිමි කරගත්තේ ජනතාව සමඟ වන සිය පොරොන්දුව එනම් “ඔබ සමඟයි සැමදා” යන්න සාක්ෂාත් කරමිනි. තම ව්‍යාපාරික ක්‍රමෝපාය තුළ පාරිභෝගික සේවා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් Mobitel අඛණ්ඩව සිය ප්‍රමුඛතාව යොමුකර ඇති බව මේ සම්මානය හිමිවීමත් සමඟ පැහැදිලිවම යළි තහවුරු විණි. සේවා ඛාණ්ඩය යටතේ පිරිනමන ලද කීර්තිමත් සම්මානය Mobitel වෙත හිමිවූයේ ක්ෂේත්රයේ නිතර වෙනත් ප්‍රකට කර්මාන්ත රැසක් අභිබවමින් වීම විශේෂත්වයකි.
මීට අමතරව 2017 SLIM විශිෂ්ටතා සන්නාම සම්මාන උළෙලේදී තවත් රිදී සම්මානයක් හා ලෝකඩ සම්මාන දෙකක් හිමි කරගැනුමට සමත් විය. Mobitel Mcash වෙනුවෙන් වසරේ අන්තර්ජාල සන්නාමය හිමි රිදී සම්මානය ද Mobitel හිමිකරගත් අතර 2013 වසරේදී එය හඳුන්වා දෙන ලදී. එසේම “වසරේ ආයතනික සමාජ වගකීම* වෙනුවෙන් වන ලෝකඩ සම්මානය හා “වසරේ දේශීය සන්නාමය” වෙනුවෙන් ප්‍රධානය කරන ලද ලෝකඩ සම්මානය ද සම්මාන උළෙලේදී Mobitel තම කුසලතා කැබිනෙට්ටුවට එකතු කරගත්තේය. කර්මාන්තයේ විශිෂ්ටයන් අගයමින් පිරිනමන්නා වූ මෙම ප්‍රධාන පෙළේ සම්මාන පැහැදිලිවම ඔප්පු කර පෙන්වූයේ සාඩම්බර දේශීය සන්නාමයක් ලෙස කර්මාන්තයේ නව කඩඉම් සලකුණු කරලමින් Mobitel සිය පාරිභෝගිකයන් වෙත ලබාදෙන්නා වූ සුවිශේෂි පිරිනැමීම්ය.
මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් Mobitel හි ප්‍රධාන විධායක නිලධාරි නලින් පෙරේරා මහතා මෙසේ පවසයි.
“රටේ හොඳම සන්නාම ඇගයුමට ලක්කරන SLIM විශිෂ්ටතා සන්නාම සම්මාන උළෙල වැනි කීර්තිමත් වේදිකාවකදී සම්මානයට පාත්රවීමට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. එහිදී Mobitel සන්නාමය තවත් ශක්තිමත් කරලමින් අපේ ප්‍රබලත්වය සෑහෙන සාර්ථකව ප්‍රදර්ශනය කරලීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම වසරේ හොඳම සේවා සන්නාමයට හිමි රන් සම්මානය හිමි කරගැනීම යනු අපේ ජයග්‍රහණය පෙන්වන සැබෑ මිම්මක්. විදුලි සංදේශ ක්ෂේත්රයෙන් ඔබ්බට ගමන් කරමින් ප්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂාක, විනෝදාස්වාදය හා ජංගම මුදල් වැනි ක්ෂේත්‍ර කරාද ඉහළ වටිනාකම් පිරිනමමින් Mobitel තම සේවාවන් ව්‍යාප්ත කර තියෙනවා.”