2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

කුමාර් සංගක්කාර රෙනෝල්ට් සන්නාම තානාපති ධුරයට

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

Renault සන්නාමය ශ‍්‍රී ලංකාව තුළ සාර්ථකව දියත් කිරීමෙන් පසු නව්‍ය, ආකර්ෂනීය මෙන්ම ලාභදායී Renault KWID මෝටර් රථයට ඉඩහසර සමරමින් AMW සමාගම සමඟ එක්ව තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන්නට පසුගියදා සමත් විය. ඒ ලෝක පූජිත ක‍්‍රිකට් තරුවක් වන කුමාර් සංගක්කාර Renault KWID හි ශ‍්‍රී ලාංකේය සන්නාම තානාපති ලෙස එක් කරගනිමිනි. ලොව පිළිගත් සන්නාම දෙකක එකතුවක් වන මෙය අභිමානවත් මෙන්ම කීර්තිමත් ගමනක් සඳහා වන සාර්ථක එකමුතුවක් ලෙස පෙන්වා දිය හැකිය.

Renault ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් වෙළෙඳපොලක් වන අතර එය නව්‍ය මෙන්ම ක‍්‍රියාකාරී වර්ධනයක් කරා ගමන් කරමින් සිටියි. Renault සහ කුමාර් සංගක්කාර අතර වන මෙම එකමුතුව ඔවුන්ගේ විශිෂ්ටත්වය සහ පරම්පරාව තවදුරටත් ඔසවා තබනු ඇති අතර සන්නාම තානාපති ලෙස Renault හි විශ්වාසය තවදුරටත් ඉහළ නංවනු ඇත. 

මේ පිළිබඳව අදහස් දැක්වූ Renault සමූහයේ ඉන්දියානු උප මහාද්වීපයේ මෙහෙයුම් භාර  ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්‍ෂ සුමිත් සානි මහතා, ඉතා කෙටි කාලයක් තුළ Renault සමාගම ශ‍්‍රී ලංකාවේදී සීඝ‍්‍ර ප‍්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. Renault KWID සඳහා වූ අපගේ ගනුදෙනුකරුවන්ගේ ප‍්‍රතිචාර වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. කුමාර් සංගක්කාර අපගේ සන්නාම තානාපති ලෙස ප‍්‍රකාශයට පත්කිරීම පිළිබඳ මා ඉතාමත් සතුටට පත් වන අතර ක‍්‍රිකට් ශූරයකු ලෙස මෙන්ම නායකයකු ලෙස ඔහුගේ හැකියාව සාර්ථක ඉනිමක් සඳහා වන අපගේ සැලසුම් සවිමත් කිරීමට හොඳම සංකලනය ලෙස සඳහන් කළ හැකියි. යනුවෙන් පැවසීය.

දිවයින පුරා ප‍්‍රදර්ශනාගාර 6ක්ද සේවා මධ්‍යස්ථාන 21ක්ද  ව්‍යාප්ත කිරීමට Renault පසුගියදා කටයුතු කරනු ලැබීය. කුමාර් සංගක්කාර ජනතාව තුළ ලබා ඇති ජනප‍්‍රියත්වය Renault KWID ශ‍්‍රී ලංකාවේ අලුත් මෙන්ම නැඟී එන වෙළෙඳපොළ වෙත රැගෙනයාම කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි අදාළ සමාගම පවසයි.