ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම මූල්‍ය සේවාවක් වන mCash පසුගිය නොවැම්බර් 21 වැනිදා සිය ජයග්‍රාහී සිව්වන සංවත්සරය සමරන ලදී. එම කෙටි කාල පරාසය තුළ ජංගම දුරකථන මූල්‍ය සේවාවක් බවට පත්කරමින් සුවිශේෂී වර්ධනයක් පෙන්වා ඇති mCash ජනතාව ගනුදෙනු කරන ආකාරය පිළිබඳව නව අරැතක් සපයමින් සිටිනුයේ අද්විතීය සේවාවක් පිරිනමමිනි. මේ වනවිට මිලියනයකට වඩා වැඩි පාරිභෝගික පදනමක් වර්ධනය කරගෙන සිටින mCash පුළුල් පරාසයක් පුරා විහිදුණු මූල්‍ය විසඳුම් රැසක් රටේ පළමු වතාවට සිය වටිනා පාරිභෝගිකයන්ගේ ඇඟිලි තුඩු වෙත රැගෙන යමින් ඔවුන්ගේ ජීවිත අපමණ ලෙස ශක්තිමත් කර ඇත. තම ජංගම දුරකථනය භාවිත කරමින් ඒ ඔස්සේ ගනුදෙනු කිරීම සම්බන්ධ නව අරුතක් mCash නිසැකවම පාරිභෝගිකයන් වෙත පසුගිය කාලය තුළ පිරිනමා තිබේ. සීඝ්‍ර වර්ධනයක් mCash පසුගිය වසර හතර තුළ පෙන්වා ඇත්තේ නව වෙළඳපොළ නිර්මාණය කරමින්, මූල්‍ය ඒකරාශිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ අරමුණු හා අනුගත වෙමිනි.
ජංගම දුරකථන ඔස්සේ, පිළිගත් සහයෝගීතා මුදල් ගනුදෙනු සිදුකිරීමට, උපයෝගීතා බිල්පත් පියවීමට හා භාණ්ඩ හා සේවා මිලදී ගැනුම සඳහා වේගවත් වඩාත් ආරක්ෂිත හා පහසු ක්‍රමවේදය වන්නේද එයයි. 16,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් තෙක් mCash සිල්ලර ජාලය වර්ධනය වී ඇති අතර, රටපුරා mCash වෙළඳ ජාලය 1000කට වඩා වැඩි මට්ටමකට ප්‍රසාරණය වී තිබේ. තම ජංගම දුරකතන භාවිත කරමින් තැන්පතු, මුදල් ආපසු ගැනීම්, මුදල් හුවමාරැකිරීම් උපයෝගිතා හා ආයතනික බිල්පත් ගෙවීම්, භාණ්ඩ මිලදී ගැනීම් සඳහා ගෙවීම්, අන්තර්ජාල ගෙවීම්, පුණ්‍යාධාර පිරිනැමීම් සහ ශක්තිමත් B2B ව්‍යාපාර විසඳුම් බදු මූල්‍ය ගනුදෙනු රුසක් මෙම සේවාව ඔස්සේ සිදුකර ගැනීමේ හැකියාවෙන් mCash සිය පාරිභෝගිකයන්ව සවිබල ගන්වා ඇත.
එසේම වෙනත් ජංගම දුරකතන සේවා සපයන්නන් වෙතද සිය සහාය පිරිනමමින් ඔවුන්වද mCash හී කොටස්කරුවන් බවට මේ වන විට පත්කරගෙන තිබීම විශේෂත්වයකි. ඒ යටතේ Etisalat සමඟ සහයෝගීතාවකට Mobitel ගමන්කර ඇති අතර ඕනෑම Mobitel හෝ Etisalat පාරිභෝගිකයකු හට සිය ජංගම දුරකතනයෙන් #111# වෙත ඇමතුමක් ලබාදීම ඔස්සේ කිසිදු අමතර ගෙවීමකින් තොරව නොමිලේ mCash සේවාව වෙත පහසුවෙන් පිවිසිය හැකිය.
ඊට අමතර mCash ජංගම මෘදුකාංගය තවදුරටත් මේ ඔස්සේ ගනුදෙනු කිරීම පහසු බවට පත්කර ඇත.
ඉතා මෑතක දී ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා එක්වෙමින් NSB isaver සේවාව නමින් mCash බැංකු තැන්පතුවක් හඳුන්වාදෙමින් සුවිශේෂි කඩඉමක් සටහන් කළේය. ඒ යටතේ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දිවයින පුරා පිහිටි 16,000 කට වඩා වැඩි mCash සිල්ලර ජාලය ඔස්සේ ඩිජිටල් ක්‍රමයක් ඔස්සේ ඉතිරිකිරීමේ හැකියාව හිමිවිණි.
මේ අතර, කොමර්ෂල් බැංකුව සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ පළමු වතාවට කාඩ්රහිත ATM පහසුකම හඳුන්වා දෙන ලද අතර ඒ ඔස්සේ mCash ගනුදෙනුකරුවන් හට කාඩ්පත රහිතව මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව ලබාදෙන ලදී.
එසේම mCash B2B විසඳුම් කර්මාන්ත අංශ රුසකට mCash ඔස්සේ සේවය සපයමින් සිටිති. විශේෂයෙන්ම වැලන්ටයින්, අවුරුදු හා නත්තල් උත්සව සමයන්හිදී එම උත්සව ජීවගුණය තවත් ත්‍රීව කරමින් අසමසම දීමනා පිරිනැමීම් සම්බන්ධයෙන් mCash ජනප්‍රියව සිටී.
අන්තර්ජාලය හා ප්‍රධාන බැංකු ජංගම දුරකතන බැංකු වේදිකාවන් භාවිතාකරමින් පාරිභෝගිකයන්ට සිය mCash ගිණුම තර කිරීමේ හැකියාව ද ඩිජිටල් ක්‍රම ඔස්සේම ලබා දී තිබීම තවත් විශේෂත්වයකි. පසුගියදා නිමාව දුටු SLIM විශිෂ්ටතා සන්නාම සම්මාන උළෙලේ දී වසරේ අන්තර්ජාල සන්නාමයට හිමි රිදී සම්මානය හිමිකර ගැනුමද mCash සමත් විය.