2017 ජනවාරි 07 වන සෙනසුරාදා

දිමන්ත සෙනෙවිරත්න NDB ප‍්‍රධාන විධායක නිලධාරී

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී (NDB) ආගමානුකූල චාරිත‍්‍ර පෙරටු කරගනිමින් 2017 වර්ෂය සඳහා සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කරන ලදී. 2017 වර්ෂය ආරම්භය NDB වෙත වඩාත් සුවිශේෂී වන්නේ NDB නව අධ්‍යක්ෂක ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වූ දිමන්ත සෙනෙවිරත්න මහතාගේ ආගමනයයි. 

දිමන්ත සෙනෙවිරත්න මහතාගේ පත්වීම පිළිබඳව අදහස් දක්වමින් NDB සභාපති ආනන්ද අතුකෝරළ මහතා සිය අදහස් මෙසේ දක්වා සිටියේය. NDB සමඟ දිමන්ත සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධවීම අපට ඉතාමත් ප‍්‍රීතිජනක අවස්ථාවක් මෙන්ම අපි ඉතාමත් ගෞරවයෙන් ඔහුව පිළිගනු ලබනවා. සෙනෙවිරත්න මහතා බැංකුකරණ ක්ෂේත‍්‍රයේ පුළුල් අත්දැකීම් රාශියක හිමිකරුවෙක්. ඉදිරි අනාගතයේදී NDB සමූහය මූල්‍ය සවිබලයෙන් ඉදිරියට රැගෙන යාමට ඔහුගේ දායකත්වය විශාල ශක්තියක් වනු ඇති බව අපට විශ්වාසයි. NDB සමඟ ඉදිරි ගමනක් වෙනුවෙන් සෙනෙවිරත්න මහතාට සුභපැතීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා පමණක් නොවෙයි NDB බැංකුව සහ NDB සමූහයේ ප‍්‍රගතිය වෙනුවෙන් අනුගමය කරන ක‍්‍රමෝපායික ක‍්‍රියාමාර්ගයන්හිදී අපගේ උපරිම සහයෝගය ලබාදෙන බවද ප‍්‍රකාශ කරන්නට කැමතියි.

ප‍්‍රාග්ධනීකරණයෙන් NDB පදනම තවදුරටත් සවිබලගන්වමින් සියල්ලන්ගේ උපරිම හැකියාවන් උපයෝගී කරගනිමින් වර්ධනීය ගමන් මඟක නිරතවිය යුතු බව NDB ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන් අමතමින් නව ප‍්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා සිය අදහස් දක්වා සිටියේය. 

දිමන්ත සෙනෙවිරත්න මහතා බැංකුකරණ ක්ෂේත‍්‍රයේ වර්ෂ 26කට ආසන්න පළපුරැද්දක් සහිත බැංකුකරුවෙකි. ගතවූ වර්ෂ තුනක කාලසීමාවේදී සෙනෙවිරත්න මහතා පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී (PABC) හි අධ්‍යක්ෂක / ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර තිබේ.