2018 ජුලි 07 වන සෙනසුරාදා

ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් වන වගාවට මොබිටෙල්, THURU සමඟ අත්වැල් බැඳ ගනියි

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

ඉතා ඉක්මනින් ක‍්‍රියාවට නංවන ලද, ඒකාබද්ධ ක‍්‍රියාකාරීත්වයෙන් සහ සහයෝගිතාවෙන් යුතුව කටයුතු කිරීම සඳහා වන ශක්තිමත් හැකියාවන්ගෙන් සමන්විතව, මොබිටෙල් විසින් THURU සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් වන්නේ මොබිටෙල් විසින් නව සංකල්පයක් ලෙස ඉදිරිපත් කරමින් බලගැන්වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම තාක්‍ෂණික නව නිර්මාණ සහ ව්‍යවසායකත්ව රියැලිටි වැඩසටහන වන “කෝටියක් වටිනා අදහසක්” දෙවැනි අදියරේ අවසන් නිර්මාණකරුවන් 10 දෙනාගෙන් එක් නිර්මාණකරුවකුගේ නවෝත්පාදන අදහසක් ක‍්‍රියාවට නැංවීමටයි. කෝටියක් වටිනා අදහසක් රියැලිටි වැඩසටහන නිෂ්පාදනය කරමින් විකාශය කරනු ලබන්නේ සිරස TV නාලිකාව විසිනි. මොබිටෙල් සහ THURU ඉදිරියේදී එකිනෙකා සමඟ සහයෝගිතාවෙන් යුතුව එක්ව කටයුතු කරනු ලබන්නේ මෙම නවෝත්පාදන අදහසේ මීළඟ පියවර වෙත ප‍්‍රවේශ වීම සඳහා සම-නිර්මාණකරුවකු සහ සම-නවෝත්පාදකයකු ලෙස ක‍්‍රියාත්මක වෙමිනි. THURU යනු ශ‍්‍රී ලංකාව විසින් මුලපුරන ලද ඩිජිටල් මාධ්‍ය පදනම් කර ගනිමින් රුක්රෝපණය නැවත දියත් කිරීම සඳහා කටයුතු කරනු ලබන වැඩසටහනක් වන අතර එහි මූලික අරමුණ වන්නේ 2020 වර්ෂය වනවිට ගණනින් මිලියන දෙකක් වූ රුක් ප‍්‍රමාණයක් රෝපණය කිරීමයි. THURU වෙනුවෙන් තාක්‍ෂණික සහකරු ලෙස සහාය දක්වමින් මොබිටෙල් විසින් තාක්‍ෂණික උපදේශනය සපයනු ඇති අතර ප‍්‍රධාන වශයෙන් (Narrow Band Internet-of-Things) Domain, Blockchain සහ කෘත‍්‍රිම බුද්ධිය (Artificial Intelligence) සඳහා ද සහාය දක්වනු ලබන්නේ මෙම පද්ධතිය අනාගතයට ගැලපෙන අයුරින් සහ බුද්ධිමත් බවින් බලගන්වමිනි. ජාතික ජංගම දුරකථන සේවා ජාලය ලෙස මොබිටෙල් විසින් ශ‍්‍රී ලංකාවේ තාක්‍ෂණික නව නිපැයුම්කරුවන් බලගැන්වීම සහ රුකබලා ගැනීම සඳහා උපදේශන සැපයීමේ භාරධූර නායකත්වය දරනු ලබන අතර එසේ ආරම්භ කරනු ලබන තාක්‍ෂණික නවෝත්පාදන ව්‍යාපාර සාර්ථක ව්‍යාපාර දක්වා වර්ධනය කිරීමේ කාර්යභාරය ද ඉටු කරනු ලබයි. මෙම සහයෝගිතාව මගින් දීපව්‍යාප්ත මට්ටමින් වනවගාව යළි නගා සිටුවීමේ ක‍්‍රියාදාමයක් දියත් කිරීමට මොබිටෙල් විසින් බලාපොරොත්තු වන අතර ඒ හා අදාළ තොරතුරු නුදුරු අනාගතයේදී අනාවරණය කිරීමට නියමිතය.  

රුක්රෝපණය සඳහා වූ දැවැන්ත මට්ටමේ ක‍්‍රියාදාමයක් හඳුන්වාදීමේ හැකියාව THURU සතුවේ. ඒ සඳහා නිර්මාණය කළ facebook for trees නමින් හඳුන්වන මොබයිල් App එකක් මගින් ක‍්‍රියාවලිය සිදු කරනු ලබයි.   

ඕනෑම කෙනකුට රුක් රෝපණය කිරීමෙන් අනතුරුව ඒ හා අදාළ ඡායාරෑප සහ විස්තර App එකට එක්කළ හැකි අතර App එක මගින් ස්වයංක‍්‍රීයව ප‍්‍රසාද ලකුණු පිරිනමනු ලබයි. ඒ අනුව  ඕනෑම කෙනෙකුට පරිසරය සුරැකීමට දායකත්වය ලබාදෙන නායකයකු ලෙස පෙරමුණ ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම App එක මගින් රෝපණය කරන ලද ගස්වල ස්වභාවය අනුව සහ ගසේ වයස් ප‍්‍රමාණය මාසිකව සහ වාර්ෂිකව ගණනය කරමින් එම ශාක විසින් මුදාහරිනු ලබන ඔක්සිජන් ප‍්‍රමාණය ස්වයංක‍්‍රීයව මනිනු ලබයි. යම් කෙනෙක් දිගු කාලයක් පුරා සිය ශාක රැකබලා ගනිමින් ඡායාරෑප ඇතුළත් කරන්නේ නම් ඔහුට ප‍්‍රසාද ලකුණු වැඩියෙන් හිමිවේ. මෙමගින් ලොව පුරා විසිරී සිටින ගස්වැල්වලට ආදරය කරනු ලබන ඕනෑම කෙනෙකුට මෙම ක‍්‍රියාවලිය සඳහා ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටීමට කදිම අවස්ථාවක් ලබාදෙන අතර රැක් රෝපණයේ නියැළෙන අයෙකුට මගපෙන්වීමක් ලෙසද වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.