මෙරට 3 වැනි වතාවට පැවැත්වෙන ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික නව ව්‍යවසායකයන්ගේ සම්මන්ත්‍රණය සහ නවෝත්පාදන උළෙල වන Disrupt Asia 2018 අගෝස්තු 11 වැනි දින පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ටේ්රස් එක්ස්පර්ට් සිටිහිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ICTA විසින් සංවිධානය කරන මෙම වැඩසටහනෙහි ජාත්‍යන්තර පාර්ශ්වකරු (International Partner) ලෙස IKT Norge, දැනුම් පාර්ශ්වකරැ (Knowledge Partner) ලෙස PwC, සහයෝගීතා පාර්ශ්වකරැවන් (Supporting Partners) ලෙස GIZ Sri Lanka සහ Trace - Expert City, ගෙවීම් පාර්ශ්වකරු Payments Partner ලෙස PayHere, Volunteer Partner ලෙස GudPpl, ව්‍යවසාය පද්ධති පාර්ශ්වකරැ (Eco System Partner) ලෙස SLASSCOM, Makerspace ලෙස Igniter Space, YouTube පාර්ශ්වකරු You Tube Partner ලෙස IdeaHell, සමාජ නවෝත්පාදන පාර්ශ්වකරැ (Social Innovation Partner) ලෙස UNDP Sri Lanka Creative Pavillion Partner ලෙස Gamer.LK සහ සත්කාරක පාර්ශ්වකරැවන් (Hosting Partners) ලෙස Calcey Technologies, Orange Electric WSO2 සහ CodeGen යන ආයතන සම්බන්ධ වෙයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ICTA හි දැඩි කැපවීම හේතුවෙන් Disrupt Asia 2018 ඉහළ ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ මීළග පරපුරේ තොරතුරු තාක්ෂණික විශිෂ්ටයන් දිරිගැන්වීම සඳහා එය මහත් පිටිවහලක් වනු ඇත. Disrupt Asia 2018 හි සෑම අංශයක්ම පාහේ සියලුම සහභාගිවන්නන්ට නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය පිළිබඳ උද්යෝගයක් ඇතිකරවන ආකාරයට සැලසුම් කර තිබීම විශේෂත්වයකි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ICTA සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පෙන්වා දුන්නේ පසුගිය වසරේ පැවති Disrupt Asia හි ව්‍යවසායකත්වය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති වැඩමුළුවක ප්‍රතිඵලයක් වශයෙන් පාසල් ගුරුවරුන් වෙත Educate to Innovate වැඩමුළු ICTA විසින් සංවිධානය කළ අතර විශ්වවිද්‍යාල පද්ධතිය තුළට ව්‍යවසායකත්වය පිළිබඳ අදහස කාවැද්දීම සඳහා ImagineIF startup boot camps යනුවෙන් වැඩසටහන් පෙළක් පවත්වාගෙන යන බවය. තම කුසලතාවයන් සහ දක්ෂතාවයන් මැනවින් වටහාගැනීමට උපකාර කරන මෙම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.
Disrupt Asia 2018 හි නවෝත්පාදන උළෙල ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන රුසක් ප්‍රදර්ශනය කිරීම සදහා හිමිවන සුවිශේෂී අවස්ථාවක් වන අතර මීට ඇතුළත් වන කලා සහ ඩිජිටල් ක්‍රියාකාරකම් ඔස්සේ මහජනතාවට ඒ පිළිබඳ දැනුවත් භාවයක් ලැබිය හැකිය.