අනාදිමත් කාලයක සිට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ශ්‍රී ලාංකිකයන් හට ඉතාමත් සමීප සහ හුරුපුරුදු කාරණාවක් බවට පත්වී තිබෙනවා. එහෙත් මෙම ක්ෂේත්‍රයේ වෛද්‍යවරයෙකු හමුවීම සඳහා වේලාවක් වෙන්කරගැනීම බොහෝදුරට අවිධිමත් අයුරින් සිදුවීම නිසා ඒ සඳහා සැලකිය යුතු කාලයක් ශ්‍රමයක් කැපකිරීමට සිදුවී තිබෙනවා. මෙම අපහසුතාවන් මගහරිමින් ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍ය සේවා ලබාගතහැකි ආයතන නවීන තාක්ෂණය ඔස්සේ ජාලගතකර ඉතා පහසුවෙන් වෛද්‍යවරයෙකු චැනල් කිරීමේ අවස්ථාව මහජනතාවට ලබාදීමට ඊ-චැනලින් (eChannelling) ආයතනය සමත්වී තිබෙනවා.
ආයුර්වේද වෛද්‍ය සේවා මධ්‍යස්ථාන සහ එම සේවාවන් ප්‍රචලිතකිරීම සඳහා මෙම චැනලින් තාක්ෂණය සහ ඒ ආශ්‍රිත විශේෂාංග සේවා නොමිලයේම අදාළ ආයතන සහ වෛද්‍යවරුන් වෙත ලබාදීමට ඊ-චැනලින් ආයතනය ඉදිරිපත්වී සිටිනවා.
ශ්‍රී ලංකාවේ විශාලතම වෛද්‍යවරුන් චැනල් කිරීමේ ජාලයවන ඊ-චැනලින් ආයතනය සමග සම්බන්ධ වී සිටින ආයුර්වේද වෛද්‍යවරුන් අන්තර්ජාලය සහ ජංගම දුරකථන හරහා චැනල් කිරීමට හැකිවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.
මේ අනුව ඕනෑම ජංගම දුරකථනයකින් 225 ඇමතීමෙන්, ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන ඔස්සේ 1225 ඇමතීමෙන්, www.echannelling.com වෙබ් අඩවියට පිවිසීමෙන්, ඊ-චැනලින් ස්මාර්ට් ජංගම දුරකථන මෘදුකාංගය (App) ඔස්සේ, ළඟම ඇති තැපැල් කාර්යාලයට පිවිසීමෙන්, අනෙකුත් ඊ-චැනලින් නියෝජිත ආයතන (ෆාමසි, බැංකු,) හරහා ආදී වශයෙන් විවිධ ක්‍රම රැසක් ඔස්සේ වෛද්‍යවරුන් චැනල් කිරීමට පහසුකම් සපයා ඇත.