ආසියා ශාන්තිකර කලාපීය ග්‍රාමීය කෘෂිකාර්මික ණය සංවිධානයේ කලාපීය ප්‍රතිපත්ති පිළිබඳ සමුළුවේ APRACA 70 වන විධායක කමිටු රුස්වීම සහ 21 වන සැසිවාරය 2018 කොළඹ හිල්ටන් හෝටලයේදී සංගමයේ විදේශීය නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම විධායක කමිටු රැස්වීමේ තේමාව ලෙස සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ක්ෂුද්‍ර මූල්‍ය සඳහා මූල්‍ය පහසුකම් සැලසීම යොදාගෙන ඇත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාත් මෙම සැසිවාරයේ ආරම්භක දිනයේ දේශන පැවැත්වූහ.
ආසියා ශාන්තිකර කලාපීය ග්‍රාමීය කෘෂිකාර්මික ණය සංවිධානය 1977දී ආසියා ශාන්තිකර කලාපයේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම, ඵලදායිතාව ඉහළ නැංවීම, ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික තත්වය නගාසිටුවීම යන කරුණු පෙරදැරිකරගෙන පිහිටුවන ලද අතර එමගින් රටවල් අතර අනොන්‍ය වශයෙන් වැදගත්වන තොරතුරැ හා විශේෂඥ දැනුම් හුවමාරුව සිදුවේ. වර්තමානයේදී මෙම සංවිධානය අනුබද්ධ ආයතන අසූතුනකින් සමන්විත වන අතර කලාපීය රටවල් 24ක පැතිරී ඇත.
APRACA සංවිධානය, ආසියා ශාන්තිකර කලාපීය රටවල් නියෝජනය කරන මහ බැංකු, කෘෂිකාර්මික සහ සංවර්ධන බැංකු, වාණිජ බැංකු, මූල්‍ය ආයතන, ග්‍රාමීය සංවර්ධන ආයතන කෘෂිකාර්මික සංවර්ධනය සඳහා සෘජුව දායක වන මූල්‍ය ආයතන වල සම්බන්ධීකරණයෙන් ගොඩනගන ලද රාජ්‍ය නොවන ආයතනයකි. මෙහි මූලස්ථානය තායිලන්තයේ බැංකොක් නුවර පිහිටා ඇති අතර මෙම සංවිධානයේ පර්යේෂණ සහ පුහුණු කිරීම් සඳහා වූ ආයතනය 1989 දී පිලිපීනයේ මැනිලා නුවරදී පිහිටවනු ලැබීය. මෙහි මූලික අරමුණු අතර ග්‍රාමීය කෘෂිකාර්මික ක්ෂේත්රයට ආදාල වන මූල්‍යමය, බැංකුකරණ හා ආශි‍්‍රත කටයුතු විධිමත් ලෙස ඉටුකර ගැනීම සඳහා පුහුණු සහ පර්යේෂණ කටයුතු මෙන්ම දැනුම හුවමාරු කිරීමද වේ.
නේපාල රාශ්ට්‍ර බැංකුව 1977 සිට මෙම ආයතනයේ සාමාජිකත්වය දරමින් අඛණ්ඩව ග්‍රාමීය ආර්ථික සංවර්ධනය කෙරෙහි සක්‍රීය දායකත්වය සපයයි පසුගිය දශක හතර පුරා මෙම සංගමයේ සාමාජිකත්වය රටවල් 24ක පැතිරැණ මූල්‍ය ආයතන 84ක් දක්වා විහිදී පවතී අප මෙම වසරේ APRACA සමුළුවේ 70වන විධායක කමිටු රැස්වීමටත් 21 වන සැසිවාරයටත් කලාපීය ප්‍රතිපත්ති පිළිබඳ සැසිවාරයටත් සම්බන්ධ වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මූල්‍ය පහසුකම් සැලසීම යන තේමාව යටතේ නේපාල රාශ්ට්‍ර බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ APRACA සංගමයේ සභාපති ෂිබා රාජ් ශේස්ත්රා මහතා පැවසීය. ඔහු තවදුරටත් සදහන් කළේ ඕනෑම ආර්ථිකයක කොඳුනාරටියවන් මිලියන ගණනක් වන සුඵ ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නගාසිටුවීම සඳහා වන මූල්‍ය සහන සැලසීම මගින් සමස්ථ ආර්ථිකයම නගා සිටුවමින් අවසානයේදී සමාජය තුළ පවත්නා දරිද්‍රතාවට නැවතීමේ තිත තැබීම මෙම සමුළුවේ අරමුණ වන බවයි