2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

DFCC Bank PLC ගෞරවයට පාත‍්‍ර වෙයි

2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:3053

DFCC බැංකුව වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) සහ ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) විසින් පවත්වන ලද ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රශංසනීය සමාගම්’ තරගාවලියේ හොඳම සමාගම් 10 ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ ඇත. තරගාවලියේ දී මෙම සමාගම් 10 තෝරා ගන්නා ලද්දේ අයැදුම්කරුවන් 180කට වැඩි සංඛ්‍යාවක් අතරිනි.

මෙම සම්මාන උලෙළ සමාගම් සම්මානයට පාත‍්‍ර කරනු ලබන්නේ විශිෂ්ට මූල්‍යමය කාර්ය සාධනයක් පෙන්නුම් කිරීමට පමණක් නොව කොටස් හිමියන්, පාරිභෝගිකයන්, සේවකයන් හා පොදුවේ ප‍්‍රජාව උදෙසා වටිනාකම් නිර්මාණය කරමින් වසර ගණනාවක් තිස්සේ ප‍්‍රබල සමායතනික කීර්තියක් ගොඩ නගා ගැනීමට ද සමත්ව ඇති බැවිනි.  හොඳම සමාගම් 10 ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන්නේ ස්ථාවර, ආචාර ධර්මාත්මක, අර්ථාන්විත හා තිරසර වර්ධනයෙහි ප‍්‍රතිඵලයක් ලෙස අත්පත් කර ගත් විශිෂ්ට ව්‍යාපාරික කාර්ය සාධනය මගින් සිය ශක්තිමත් බව ඔප්පු කර ඇති සමාගම්ය. හොඳම සමාගම් 10 තෝරාගැනීම සඳහා යොදා ගත් දැඩි නිර්ණායක නිසා මෙහි දී ප‍්‍රදානය කෙරුණු සම්මානයන් පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුකූල බවද සහතික විය.

Dialog ඔස්සේ සිදු කරන ලද ප‍්‍රසිද්ධ සමීක්ෂණයක් මාර්ගයෙන් සේවකයන්, තරගකරුවන් හා පාර්ශ්වකරුවන් විසින් වඩාත්ම ප‍්‍රශංසනීය බවට නම් කරන ලද සමාගම් 180කට වැඩි සංඛ්‍යාවක් අතරින් විනිශ්චයකරුවන් විසින් හොඳම සමාගම් 10 තෝරාගන්නා ලද්දේ මානව සම්බන්ධතා අගය කිරීම, කණ්ඩායම් වැඩ, තෘප්තිමත් වීම පිටුදැකීම හා දැවැන්ත සමාජ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම යනාදි වශයෙන් මූල්‍යමය නිර්ණායක අටක් හා ගුණාත්මක නිර්ණායක හතක් පදනම් කර ගත් දැඩි තෝරා ගැනීම් හා සම්මුඛ සාකච්ඡා ක‍්‍රියාවලියක් යොදා ගනිමිනි.

විනිශ්චය මණ්ඩලයේ සභාපතිත්වය දැරූ රවි අබේසූරිය මහතා උත්සවයේදී පැවැත්වූ සිය කතාවේ දී ප‍්‍රකාශ කර සිටියේ හොඳම සමාගම් දහයට ලැබුණු ලකුණු ප‍්‍රමාණයන් අතර පැවතියේ ඉතාම සුළු වෙනසක් බවයි. එම නිසා දීර්ඝ සාකච්ඡාවකින් පසුව විනිශ්චය මණ්ඩලය හොඳම සමාගම් 10 අතර ශ්‍රේණිගත නොකිරීමට තීරණය කළේ  ඵ්වා විවිධ ව්‍යාපාරික අංශයන් හා පරිමාණයන්ට අයත් බැවිනි.

ගෞරවනීය සම්මානය පිළිබඳව අදහස් දැක්වූ DFCC බැංකුවේ සභාපති රොයිල් ජෑන්ස් මහතා මෙසේ පැවසීය. ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රශංසනීය සමාගම් අතරින් හොඳම සමාගම් 10 අතරෙහිලා සලකනු ලැබීම ගෞරවයක්. එය DFCC ප‍්‍රජාව අතීතයේ දී කළ හා වර්තමානයේදී කරන කැප වීමට සාක්ෂි දරනවා. අන් සියල්ලටමත් වඩා ගනුදෙනුකරුවාට මුල්තැන දෙමින්, තමන්ගේ සගයන් හා පුරවැසි සගයන් ගැන සැලකිලිමත් වෙමින් තමන්ගේ රැකියාවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් ඔවුන් දරන ආකල්පය තමයි DFCC බැංකුව විශිෂ්ටත්වයට පත් කරනු ලබන්නේ. බැංකුව ආරම්භ කෙරුණු 1955 වසරේ දී අපගේ සමාරම්භකයන් විසින් තමයි මෙම මූලධර්ම ස්ථාපිත කර ගැනුණේ. ඉන් පසුව එම තනතුරුවලට පත් වූ අය අප‍්‍රමාදීව ඒවා අනුගමනය කර තිබෙනවා. මෙම සම්මානය අයිති DFCC ප‍්‍රජාවට. මෙම අපූරැ කණ්ඩායමේ කොටස්කරැවෙකු වීම ගැන මම අතිශයින් ම ආඩම්බර වෙනවා.

 

2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00