2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් ගුවන් සේවයට සම්මානයක්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දෙවැනි වරටත් ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ සම්මාන උළෙලේදී තරු හතර පංතියේ (Four star) සේවා ඇගයුම් සම්මානය ලැබීමට පසුගියදා සමත් විය. 

ලොව පුරා සිටින ගුවන් මගීන් විසින් ඔවුන්ගේ සමස්ත ගුවන් ගමන් අත්දැකීම අගයීමට ලක්කිරීටමන් මෙම ඇගයුම ලබාදෙන අතර ඊට ආසන සුවපහසුව, ගුවන් මැරිදි සේවාව, ආහාර පාන, විනෝදාස්වාදක පද්ධතිය සහ Wi–Fi සේවාව ඇතුළත් විය. මේ සමස්ත ගුවන් මගී ඇගයුම් එක් එක් ගුවන් සේවා ඇගයීමට ලක්කිරීමට පෙර APEX විසින් පත් කරන ලද බාහිර විගණන සේවා ආයතනයක් විසින් සහතික කරනු ලැබේ.

තරැ හතර පංතියේ සේවා ඇගයුම් ගුවන් සමාගම වෙත පිරිනැමීමට අමතරව ශ්‍රී ලංකන් ප්‍රචාරක වීඩියෝ දැන්වීමක් වන ශ්‍රී ලංකන් හා එක්ව ශ්‍රී ලංකාවට චමත්කාර ගමනක්* දැන්වීමද විශේෂ ඇගයුමට ලක්කර ඇත. 

ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආසියා සහ ඕස්ට්‍රේලියා ලෝක සංචාරක සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයක් ලබාගැනීමට සමත් වූ අතර ඒවා නම් 2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය සහ 2018 වසරේ ඉන්දියානු සාගරයේ මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය සඳහා වන සම්මාන වේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම වත්මන්හි රටවල් 48 ගමනාන්ත 114ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන් වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සංවිධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන් වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

 

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00